දේශීය පුවත්

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී, බී. උදාගොඩ මහතා මධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ රජයට අයත් ඉඩම් මැනීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොරියානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.

එහිදී උදාගොඩ මහතා වැඩිඩුරටත් පවසා සිටියේ “පසුගිය යහපාලන ආණ්ඩුව ඇමෙරිකාව සමඟ එක්ව මිලේනියම් චැලෙන්ජ් වැඩ සටහන හරහා මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකාවට ලබාදීමට ගත් උත්සාහය පරාජය කිරීමට අපිට හැකිවුණා. එදා එයට විරුද්ධ වුණ වර්තමාන ආණ්ඩුව අද කොරියාව සමඟ එක්ව වෙනත් නමකින් නැවත වරක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව අකර්මන්‍ය කර මෙරට ඉඩම් මැනීම කොරියානු සමාගමකට ලබාදීමට පිඹුරුපත් සකසමින් සිටිනවා. රජයේ මිනින්දෝරුවන් ලෙස අපි රජයට අයත් ඉඩම් මැනීමේ කටයුතු පුද්ගලික සමාගම්වලට ලබාදීමට ගෙන එන ඕනෑම යෝජනාවකට විරුද්ධයි. ලංකාවේ ඉඩම්වල හතර මායිම් දන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි.” යනුවෙනි.

උදාගොඩ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,රජය මෙම වැඩපිළිවෙළ නතර නොකළ හොත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරණු ලැබීය.

මේ පිළිබඳව මැනුම්පතිනි ශ්‍යාමලි පෙරේරා මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දකුණු කොරියාව සහ ශ‍්‍රී ලංකාව අතර ඩොලර් මිලියන 500 ක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 50 ක් මැනුම් ව්‍යාපෘති සඳහා වෙන් වී ඇති බවත්ය.

මැනුම්පතිණිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එහෙත් මෙතෙක් මුදල් ලැබී නැති බවත් මුදල් ලැබුණු පසු ටෙන්ඩර් කැඳවන බවත් රජයේ තීරණය අනුව කටයුතු කරන බවත් අවධාරණය කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More