දේශීය පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාලා ගිනුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ නැවත නැගිට්ටවීම සඳහා විමල් වීරවංශ වැන්නන් කළ කිසිවක් නැතැයි පවසා සිටී.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ,විමල් වීරවංශ මහතා ළඟ සිටින විදෙස් ඔත්තුකරුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර බවයි.
මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සම්පූර්ණ සටහන,
“වැල්වටාරම් අවශ්‍ය නැත. මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය යන තිදෙනා විසින් 2005-2015 අතර කාලයේ දී යුද්ධය අවසන් කොට රටේ ආර්ථිකය තිබුණ තැන සිට හතර ගුණයකින් ඔසවා තැබූ නිසා මිස අනෙකක් නිසා නොවේ.

විමල් වීරවංශ වැන්නන් එම ව්‍යාපෘතිය තුළ කළ කිසිවක් නැත. එහෙත් එකක් කළේය. ඒ රාජපක්ෂවරුන්ගේ සාර්ථකත්වය හමුවේ ඔවුන්ගේ වේදිකාව වටා රැස්වූ ජනතාව ඉදිරියේ කතා පැවැත්වීමයි. කතා පැවැත්වීම හැර වීරවංශ මහතා විසින් රට වෙනුවෙන් කළ එක ජාතික කාර්යභාරක් නම් කරන්න. කිසිවක් නැත. ඇත්ත තත්වය එයයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඔහුට වඩා ජනතාව වෙනුවෙන් වැඩ කොට ඇත. මහින්ද පරාජයෙන් පසු ද විමල් කළේ ද නැගී එන මහින්ද රැල්ලට කතා කිරීම පමණි. විමල් වීරවංශ විසින් මහින්ද සුළඟ නිර්මාණය කළේ යැයි කියන අයගේ අඥානකම ගැන අපට කළ හැක්කේ සිනාසීම පමණි.

ඒ කෙසේ වෙතත්, මොහොතකට සිතන්න වීරවංශ මහතා මහා දේශපාලන චරිතයක් කියා. එසේ නම් ඔහු විසින් කළ යුත්තේ තම පක්ෂයෙන් තනිව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුට පත්වීමයි. එම අභියෝගය ඔහු විසින් බාර නොගැනීම යනු කවුරු කෙසේ කොහොම කීවද විමල් තම ඇඟිල්ලේ තරම ගැන අවබෝධයෙන් සිටින බවයි.”

කෙසේ වුවද මහින්ද පතිරණ මහතා උග්‍ර බැසිල්වාදියෙකු ලෙස නිරන්තරයෙන් සමාජ මාධ්‍යය ජාලා තුළ චෝදනාවට ලක් වන්නෙකු බව මහින්ද පතිරණ මහතාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සමාජ මාධ්‍යය ජාලා විමර්ෂකයෙකු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More