දේශීය පුවත්

මන්ත්‍රීවරු 225ක බළය සහ කැබිනට් ඇමැතිවරු 30දෙනෙකුගේ බළය තනි නිළධාරියෙකු අතට ගෙන කටයුතු කරන බවත් තනි පුද්ගලයෙකු හිතුමතයට වැඩකටයුතු කිරීම නිසා බරපතළ ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එම තනි නිළධාරියා වැඩකරන්නේ රටේ නිළ නොවන ජනාධිපති ලෙස බව ද ඔහු අවධාරණය කළ ඔහු “මේ සියල්ල දන්නේ එක මිනිහෙක් නම් මොකටද මේ විශ්වවිද්‍යාල රටේ තියාගනෙ ඉන්නේ. ඒකට යම් බුද්ධි මණ්ඩලයක් ඕන. ඊටත් වඩා රටේ ප්‍රතිපත්ති මහජනයාට හංගන්න බෑ.” යැයි ඔහු සඳහන් කළේය.

රජයයේ අභ්‍යන්තර පරිපාළනය නිළධාරිවාදයට යටවී ඇතැයි වෙළද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය ගැන පිලිතුරු දෙමින් බණ්ඩාර මහතා පැවසූවේ “ඒක සූක්ෂම ක්‍රියාවලියක්, ඒකට කැබිනට් මණ්ඩලයත් පාර්ළිමේන්තුවත් ගොදුරු වෙලා තියෙනවා. පාර්ළිමේන්තුවට තමා මුදල් බලය තියෙන්නේ. විධායක බළය කැබිනට් මණ්ඩලයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්න තීන්දු පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්න ඕන. තනි නිළධාරියෙකු සූක්ෂමව මේ බලය අතට අරගෙන තියෙනවා . යම් භාණ්ඩයක් නවත්වනවා කියලා යම් තීන්දුවක් ගන්නවා. බදු වෙනුවට බදු නොවන උපාංගයක් මගින් යම් තීරණක් පාළයනය කලා. එය කරන්නේ ජනාධිපති කාර්යාලයේ ඉන්න ලොකුම නිළධාරියා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More