දේශීය පුවත්

රටේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් ලබා දීම තුලින් තවත් වසර කිහිපයකින් ඉහල අධිකරණයේ පමණක් නොව පහල අධිකරනයේත් නඩු ඇසීම සහ නඩු කීම ඉංග්‍රීසි මාධ්‍යය බවට පත් වන බවත් අන්තිමේදී ලෙනාර්ඩ් වූල්ෆ් ගේ “The Village in the Jungle” කෘතියේ සිලිඳුට සිද්ධ වූ දෙය ඉදිරියේදී සිංහලයින්ට සිදුවන බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ එම සංවිධානයේ මාධ්‍ය සාකච්චාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ මේ අයුරින් ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ක්‍රියාත්මක වූව හොත් මහෙස්‌ත්‍රාත් හෝ දීසා අධිකරණයකින් හෝ තමන්ගේ ප්‍රදේශයේ තිබෙන අධිකරණයකින් වත් සිංහල මාධ්‍යයෙන් තමන්ගේ නඩුව කතා කර ගැනීමට බැරි තත්වයකට පත් වන බවයි.

මෙහිදී ඔහු කියා සිටියේ අපගේ නීති වෘත්තිය සහ ජනතාවගේ නිතිය පිළිබඳව ඇති අවබෝධය සහ දැනුම සම්බන්ධයෙන් බලපාන නීති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමාගේ එකඟත්වයෙන් 2020/12/30 වන දින 2208/13 ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව දැන් මේවනවිටත් සමාජය තිළ සංවාදයට ලක්වී ඇති කරණය වන්නේ ඉංග්‍රීසි මාධ්‍යය නීති විද්‍යාලයේ විභාග සඳහා අනිවාර්ය භාෂාව බවට පත්කර තිබීමයි.

මීට පෙර තිබුන තත්වය වන්නේ නීති විද්‍යාලයේදී පලවන වසර සහ දෙවන වසර සහ තුන්වන වසර වල සියලුම විෂයන් වල යම් යම් විෂයන් ප්‍රමාණයක් ස්වභාෂාවෙන් නැතහොත් සිංහල හෝ දෙමල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව තිබුණු අතර විභාගයට පෙනීසිටීමේදී යම් යම් විෂයන් ප්‍රමාණයක් සිංහල හෝ දෙමල භාෂාවෙන් ලිවීමටත් යම් විෂයන් ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමටත් හැකියාව තිබු බවත්ය.

මේ ගැසට්‌ පත්‍රයෙන් සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයට පෙනී සිටීම අනිවාර්ය වීමයි. මෙතැනදී පැනනගින ගැටලුව වන්නේ මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සමාජය තුල වැදගත් ය යන්න සමාජගත කිරීමට හෝ විකිනීමට හදන්නේ “අපි යන්නේ වානිජ්‍ය ලෝකයකට සහ ජාත්‍යන්තරයට නිසාත් නීතියට අදාල කෘති වැඩිපුරම ලියවී ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වන නිසාත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීම මේ ශිෂ්‍යන්ට උදවුව්වක්” ලෙස හුවා දක්වමිනි.

එය සාමාන්‍ය ජනප්‍රිය මතය උවත් සත්‍යය වන්නේ එය නොවෙයි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකිරීමට කැමතියි අපේ ශ්‍රේෂ්ඨ මහාචාර්ය වරයෙක් වූ නන්දදාස කෝදාගොඩ මහතා වරක් ප්‍රකාශ කර සිටියේ අපේ ශිෂ්‍යයන් වෛද්‍ය විද්‍යාලයට ගොස් අතරමං වෙන්නේ වෛද්‍ය විද්‍යාව නොදන්නා කම නිසා නොව ඉංග්‍රීසි බැරිකම නිසා බවයි.

එම සිද්ධියම ඉදිරියේදී නීති විධ්‍යලයේත් සිද්ධවන බවත් අපේ ශිෂ්‍යන් එකේ පන්තියේ සිට දහතුන පන්තිය දක්වා සිංහල මධ්‍යයනේ ඉගෙන ගෙන නීති විද්‍යාලයට බහුතරයක් පැමිණෙන බවත්, එම ළමුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට සහ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනීසිටි විට කුමක් සිදු වෙයිද?

එනිසා මේ ප්‍රශ්නය වැරදි කොනින් අල්ලාගෙන ඇති බවත් එමගින් මේ රටේ බහුතර ජනතාවක් වන සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වලට කුමක් සිදුවේද යන්නයි.

විශේෂයෙන්ම නිතිය යනු මිනිසාගේ දෛනික ජිවිතයට සහ අයිතිවාසිකම් වලට බලපාන විෂය ක්ෂේත්‍රයක්. එම නිසා එම විෂය ක්ෂේත්‍රය තුල වෙන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් , අණපනත් පැනවෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් , නඩු තීන්දු දෙන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් මේ රටේ බහුතර ජනතාවට තිබිය යුතුයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියා තියෙනවා මේ රටේ අධිකරණ වල භාෂාව සිංහල සහ දෙමළ විය යුතුයි ලෙස. මෙහිදී ප්‍රශ්නය වන්නේ අපේ රටේ රාජ්‍ය භාෂාව වන්නේ මොකක්ද?

“සිංහල, සහ දෙමළද රාජ්‍ය භාෂාවක් වන්නේය සහ අපේ රටේ පරිපාලන භාෂාව වන්නේ සිංහල සහ දෙමළද පරිපාලන භාෂාවක් වන්නේය” යන්නය.
ප්‍රශ්නය වන්නේ අපේ රටේ මිනිසුන්ට අධිකරණයේ සිදුවන දේ සහ දැනගැනීමට ඇති අයිතිය කුමක්ද යන්නයි. පසුගිය දිනවල විශාල ප්‍රශ්නයක් වුයේ ශ්‍රේෂ්ඨධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු වලට සිදුවන්නේ කුමක්ද යන්න, එම නඩු තීන්දු ඉංග්‍රීසියෙන් නිසා අපේ රටේ මිනිසුන්ට එය දන ගැනීමට අපහසු වී ඇති බවයි.

පසුගිය දා මව් භාෂා සංවිධානය පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධිකරණ ඇමතිවරයා කියනවා මේ රටේ අධිකරණ භාෂාව සිංහල බව ඇත්ත , නමුත් බොහොමයක් නීතිඥ වරු ඉංග්‍රීසියෙන් තමන්ගේ ඉදිරපත් කිරීම් කරන අතර සමහරක් නීතිඥ වරු සිංහලෙන් ඉදිරපත් කරන බවත් නඩු තීන්දු සිංහලෙන් දීමට ගියොත් නඩු සම්බන්ධයෙන් දැනටමත් පැනනැගී ඇති ප්‍රමාදය තවත් වැඩි වන බවයි. එතුමා කියනවා අපි ඒගැන සලකා බලන්නම්, නඩු තීන්දු සිංහලෙන් දෙන්න පුලුවන්ද කියල.

තමන්ට පැනනගින නිතිය මොකක්ද යන්න සහ එයට ලබාදෙන තීන්දුව කුමක්ද කියා මේ රටේ බහුතර ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය නැතිවී ගොස්ය.

මෙයට පිළිතුර කුමක්ද ? අපි දේශප්‍රේමී ජාතික පෙරමුණ ලෙස ප්‍රකාශ කරනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිදි සහ මේ රටේ භුමි පුත්‍රයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නඩු ඇසීමත්, නඩු තීන්දු දීමත් සිද්ධ විය යුතුයි යන්න. රටේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් ලබා දීම තුලින් තවත් වසර ගණනකින් ඉදිරියේදී ඉහල අධිකරණයේ පමණක් නොව පහල අධිකරණයේත් නඩු ඇසීම සහ නඩු කීම ඉංග්‍රීසි මාධ්‍යය බවට පත්වීමක්.

අන්තිමේදී ලෙනාර්ඩ් වූල්ෆ් ගේ “The Village in the Jungle” කෘතියේ සිලිඳුට සිද්ධ වූ දෙය ඉදිරියේදී සිංහලයින්ට සිදුවනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මේ අයුරින් ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ක්‍රියාත්මක වූව හොත් මහෙස්‌ත්‍රාත්, හෝ දීසා අධිකරණයකින් හෝ තමන්ගේ ප්‍රදේශයේ තිබෙන අධිකරණයකින් වත් සිංහල මාධ්‍යයෙන් තමන්ගේ නඩුව කතා කර ගැනීමට බැරි තත්වයකට පත් වන බවයි.

අපි දන්නවා නිතිය කියන්නේ බොහොම සංකීර්ණ විෂයක්, නිතිය පිළිබඳව සිංහලෙන් ලියා ඇති පොතක්වත් හරි හැටි කියවා තේරුම් ගැනීමට අපහසු වී ඇති තත්වයක් තුල මේ රටේ ජනතාව ගෙන් නිතිය ඈත්‍ කිරීමක් මේ සිදුවන්නේ. එනිසා නිතිය මල නීතියක් බවට බත් වීම ඉදිරියේදී වලක්වා ගැනීමට බැරි වෙනවා.

මෙහිදී හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1989 ජනාධිපතිවරණයට දවස් දෙකකට කලින් දෙමළ සහ මුස්ලිම් පක්ෂ පිනවීමට ආණ්ඩුක්‍රම සංශෝදනයක් 14 සහ 15 ලෙස ගෙන ආ අතර එමගින් එතෙක් අධිකරණ සහ පරිපාලන භාෂාව ලෙස තිබුණු සිංහල භාෂාව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලින් ඉවත් කිරීම, එනිසා දැන් ඇති ප්‍රයෝගික තත්වය වන්නේ දෙමළ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව බවට පත් වීමයි.

ප්‍රයෝගිකව සිංහල පරිපාලන භාෂාව බවට පත් වී ඇත්තේ මේ පළාත් 7 ක පමණයි. මෙහි බැරෑරුම් කම වන්නේ මේ රටේ පසුගියදා ගෝඨාභය ජනාධිපති තුමා බලයට ගෙනා දේශප්‍රේමී ජනතාවගේ සටන් පාඨය වූ මේ රටේ එක රටක් එක නීතියක් යන්නයි. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමේදී ඒ නිතිය මේ රටේ මිනිස්සුන් ට තේරෙන්නේ නැත්නම් එම නිතිය කුමක්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

එක රටක් එක නීතියක් කියන විට අපේ රටේ අපේ මුලාශ්‍ර සොයාගෙන ගොස් අපේ රටට උරුම උඩරට නිතිය ඇතුලත් අපේම නීති ක්‍රමයක් මේ රටට දෙනා යුතු බවයි.

රුවන් වැලි සෑය ළඟ දිවුරා සිංහල බෞද්ධ ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය ජනතිපති තුමාට යුතුකමක් තියෙනවා මේ සිංහල නිතිය මුලාශ්‍ර සොයාගෙන ගොස් එම නිතිය නැවතත් හඳුන්වා දීමට කටයුතු කිරීමට.

ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබන විට එමගින් වන්නේ ඉංග්‍රීසි සංකෘතිය බිහිවීම වන අතර අද වන විටත් අලුත් කඩේ උසාවියේ දක්නට ලැබෙන්නේ අවුරුද්දක් පාසා කොළඹ සහ විවෘත විශ්ව විද්‍යාලයෙන් එන දහස් ගණන් ශිෂ්‍යයන් නොවන අතර, නීති වෘත්තීයේ අධිපත්‍යය අධිකරණය තුල අරගෙන ඇත්තේ පවුල් කිහිපයක්., ඒ ඉංග්‍රීසි භාවිතාව පාවිච්චි කරලා, එනිසා එයට විසඳුමක් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ කියන අයුරින් නඩු ඉදිරිපත් කිරීම සහ නඩු තීන්දු ලබා දීම ස්වභාෂාවෙන් ඉදිරිපත් කිරීමෙනි. එනිසා දේශප්‍රේමී ජාතික පෙරමුණ ලෙස මේ ගැසට්‌ පත්‍රයට විරෝධතාවය ප්‍රකාශ කරන අතර ආණ්ඩුක්‍රම විවස්ථාවේ හැටියට අධ්‍යාපනය ස්වභාෂාවෙන් ලබන්නට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙසත් මේ ගැසට් පත්‍රය වහාම අකුලාගෙන ශිෂ්‍යාට තමන්ගේ ස්වභාෂාවෙන් නීති අද්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආරක්ෂා කල යුතුයි. රජය වහාම මැදිහත් වී අපේ මුලාශ්‍ර වලට ගොස් අපේ රටේ නියම නිතිය බල ගැන්වීම සඳහා කටයුතු කල යුතු බව අපි අවධාරණය කරනවා.

දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් මාධ්‍ය සාකච්ඡුාවක් 2021 පෙබරවාරි 09 වන දින පෙරවරු 10.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එහිදී එම සංවිධානයේ මධ්‍යම කාරක සභිකයින් වන ආචාර්ය නෙම්සිරි ජයතිලක, නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ වෛද්‍ය ගාමිණී ජයවීර යන අය අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More