දේශීය පුවත්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කාති උසාවි සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් පවසා සිටියේ කාති උසාවි මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝනය කරන බවයි. එහිදී උන් වහන්සේ ප්‍රශ්න කර සිටියේ මුස්ලිම් විවාහ හා ඊට අදාළ නීතිරීති සකස් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේද නැතිනම් ජමයිත් උලමා සංවිධානය ද යනුවෙනුයි. ඒ අනුව උන්වහන්සේ කාති උසාවි තහනම් කළ යුතු යැයි යෝජනා කරණු ලැබූහ.

උන් වහන්සේගේ පැනයට පිළිතුරු දීමට අධිකරණ අමාත්‍යවරයා සභා ගැබේ නොසිටි  අතර උන්වහන්සේගේ යෝජනාව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සම්මත කළේ පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපති හැටියට සිය යුතුකම ඉටු කරන බවද පවසමිනි.

එහිදී පූජ්‍ය රතන හිමිගේ යෝජනාවට එරෙහිව රවුෆ් හකීම් හා මුජිබර් රහුමාන් යන විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අදහස් දැක්වූහ. ඒ අවස්ථාවේ නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය විවාදයට වත් ගත යුතු නැති කාරණයක් බවයි.එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ එම යෝජනාව සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය විසින් සම්මත කිරීම ද වැරැද්දක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More