දේශීය පුවත්

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ රට තුළ කොවිඩ් තත්ත්වය පිළිබඳ ව සමාලෝචනයක් කළ යුතුව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,“රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන වහාම ප්‍රගති සමාලෝචනයක් කළ යුතුයි. මේ ඇතිවෙලා තියෙන තත්ත්වය, පීසීආර් පරික්ෂණ මත හෝ එන්නත මත හෝ අංක ගණිතයක් මත පදනම් වී පමණක් වැඩ නොකළ යුතුයි. වර්ධනය වන අංක දිහා විතරක් නොව වර්ධනය වීමට හේතුව මොකක්ද කියන එක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එන්නත සම්බන්ධයෙන් කිසිදු සැක සංකාවක් ජනතාව ළඟ තියා ගත යුතු නැහැ. මාර්තු මාසය වන විට මේක ජනතාවට ලබාදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මහජනතාවට ලබාදනෙ අවස්ථාව පැමිණි විට ජනතාව මේ සඳහා තැමැත්තෙන් ඉදිරිපත්වෙලා ඒ එන්නත ලබා ගන්න. එම එන්නත ලබාගැනීම තුළින් විශාල ආරක්ෂණයක් ලැබෙනවා රෝගය බෝ නොවී තිබෙන්නට. පොඩි සම්භාවිතාවක් තියෙනවා එන්නත් ගත්තත් රෝගය වැළඳෙන්නට. නමුත් එසේ වැළඳුනත් සංකූලතාවලට යන්නේ නැතුව බොහෝම අඩු රෝගී තත්ත්වයකින් රෝගය සුවපත් කර්ගත හැකියි.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More