අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා නිර්දේශ මීට පෙර ලැබී තිබු අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාවරයා කියා සිටියේය.
මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව වන පාසල් 492න් පාසල් 412ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 589ක් හා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 442ක් විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...