දේශීය පුවත්

එට්කා (ETCA) හෙවත් ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරිමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී ඇති බව වාර්තාවේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා(ETCA) ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් විවිධ පාර්ශවයන් විසින් එල්ල කළ විරෝධය හමුවේ එය හකුලා ගනු ලැබුණි.

ඊයේ (09 වැනිදා) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අනාවරණය කළේය. එහිදී ඔහු සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ASFTA) පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය විය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More