Lanka Lead News
  • පුවත්
  • පුරවැසි කොලම
  • වීඩියෝ
  • අප අමතන්න

‍ දේශපාලන ලොවේ නොසිතන පෙරළි ගැන අලුත්ම තොරතුරු දැනගන්න පිවිසෙන්න – Lanka Lead News

දේශීය පුවත්

විමල් වීරවංශ මහතාට පහර ගැසීම සදාචාර විරෝධීයි- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ

February 10, 2021 12:09 pm | Lanka Lead News

කොළඹ7 ධර්මායතනයේ දි පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පූජ්‍යය ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය බලයට පත් කරනු ලද්දේ ජාතික බලවේග විසින් බවත් අදටද රජය හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට එම බලවේග කටයුතු කරමින් ඇති බවත්ය.

එහිදී උන්වහන්සේ අදහස් දක්වමින් පවසා සිටියේ,එනිසා ජාතික බලවේගයට නම්‍යශීලී දේශපාලන පක්ෂ ඇතුලේ කුමන්ත්‍රණ ඇතිකිරීමට විදෙස් බලවේග කටයුතු කරමින් සිටින බවයි.

“නැගෙනහිර ජැටිය විදේශයකට ලබා නොදී රජය යටතේ තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් විදේශීය ඔත්තු සේවා මෙරට ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින්ද පවතිනවා. මානව හිමිකම් කොමිසමේ මීලග සැසිය ද ඊට හේතු වී තිබෙනවා.” යැයි පවසා සිටියහ.

උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පහර ගැසීම සදාචාර විරෝධී එකක් බව අවධාරණය කළහ.

“මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණේ තබාගෙන අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා කිසිම පුද්ගලයකු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන්නේ යයි මම සිතන්නේ නැහැ.” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය භාවිතා කර කිසිවකු වෙනස් මතයක් ගෙන යාමට උත්සාහ කරන්නේ නම් එයට දැඩිව විරුද්ධ වන බව ද පැවසූ උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම පාවිච්චි කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන්නැයි අනෙක් අයගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ අවධාරණය කරනු ලැබූහ.

විමල්ට පහර දීම සදාචාර විරෝධීයි.



Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More

© Copyright Lanka Lead News. All rights reserved.