දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ ආණ්ඩුව ගෙනයාමට නොහැකි තත්වයක් ඇතිවුවහොත් ඊට වගකිව යුත්තේ මෝඩ කතා කියන ආණ්ඩුවේ දේශපාලනඥයෝ බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අඥාන ප්‍රකශයක් බව වසන්ත බංඩාර මහතා වැඩිදුරටත් ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත පවසා සිටියි.
සාකච්ඡාවේදී වසන්ත බංඩාර මහතා, “මේ ආණ්ඩුව ගේන්න සාගර කාරියවසම් මහතා සහ ඔහුගේ භාර්යාවගේ ඡන්දය දෙන්න ඇති. ඊට හැර එතුමා මේ රටේ මහජනතාව අතර උපායමාර්ගිකව හිතන විදිහ වෙනස් කරන්න ක්‍රියාත්මක වෙලා. මේක අනිත් පැත්ත පෙරළන්න වැඩ කළ පුද්ගලයෙකු නෙමෙයි. අපි එහෙම දැක්කේ නෑ බිමේ වැඩ කරනවා. සිංහල බෞද්ධ බලවේගය තමා මේ ඡන්ද පදනම වෙනස් කළේ. ඔහු ඒකට දායක වුණා කියලා අපි කොහෙවත් දැක්කේ නෑ. ඔහු පරිපාලකයෙක් ලෙස ඇවිත් තමා දේශපාලන ප්‍රකාශ සිදුකරන්නේ. ” යැයි හෙතෙම අවධාරණය කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ආණ්ඩුව හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වරාය නැගෙනහිර පර්යන්තය ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තීරණයක් ගෙන නොතිබූ නිසා විමල් වීරවංශ මහතා ඒ වෙනුවෙන් පෙනී සිටීම සාමුහික වගකීම කඩ කිරීමක් නොවන බවද ඔය කියන ලේකම්තුමා ජාතික ලැයිස්තුවෙන් පත් වූ අයෙකු බැවින් එතුමා සෘජුව මහජනතාවට වගකීමට බැදී නොසිටින බවද මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු මහජනයාට වගකීමෙන් බැඳී සිටින බවද ඔහු පෙන්වා දුන් බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...