පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුර නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු කළ රජයන් විසින් ඉන්දියාව රවටමින් සිටින බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයම බවත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු උතුරු මහ ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. විග්නේෂ්වරන්ට හදිසියේම ඉන්දියාව මතක් වී ඇත්තේ මන්ද? නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොලැබීමේ ශෝකය නිසා මොහු කැළඹී ඇති බව පෙනී යයි. ඉන්දියාව ලවා උතුරට වෙනම පාලනයක් ලබා ගැනීමට දත කෑ විගි මහතා දැන් උත්සහ කරන්නේ කුමක්ද? දිල්ලි පාලනය කොළඹ වරායේ ජැටිය නොලැබීම නිසා රාජපක්ෂ ආණ්ඩුව සමග අමනාපයෙන් පසුවන නිසා එය උපයෝගී කරගෙන බොරදියේ මාළු බාන්නට ය.

ඉන්දියාවේ හොඳ හිත ගන්නට යාපනය ආසන්නයේ පිහිටි දූපත් තුනක් බලශක්ති ව්‍යාපෘතියක් චීනයට පැවරීමට පිළිබඳව ද හෙතෙම විරෝධය පළ කරයි. යාපනය ජනයාගේ විදුලි අර්බුදයට විසඳුම් ලැබීම ගැන මේ යාපනය මන්ත‍්‍රීවරයාට සතුටු වන්නේ නැත. යාපනය කළුවර වුවත් මොහු ශෝක වන්නේ බලශක්ති ව්‍යාපෘතිය චීනයට ලැබීම ගැනය. යාපනය මහ ඇමැති ලෙස වසර ගණනාවක් කටයුතු කළත් දෙමළ පීඩිතයන් වෙනුවෙන් විග්නේෂ්වරන් කළ කෙංගෙඩියක් නැත. ඒකීය රාජ්‍ය පිළිගන්න බැරි යැයි පාර්ලිමේන්තුවේ මොරදෙන මොහු ලංකාවේ ප‍්‍රශ්න විසඳීමට ඉන්දියාව කැඳවීමේ අනවරත වෑයමක නිරත වන බව පැහැදිලිය. විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ මේ කුහක ව්‍යාපෘතිය තීරණාත්මක ලෙස පරාජය කළ යුතුමය. එය සිදුවිය යුත්තේ සකල ලක්වැසියන්ගේ යහපත වෙනුවෙනි. උතුර – නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා ඉන්දියාව මැදිහත් වී කටයුතු කළ යුතු බව විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙරය. නිරන්තරව දිල්ලි ආණ්ඩුවට පණිවුඩ යවන මොහු දැන් ජනමත විචාරණයක් ඉල්ලයි. ජනමත විචාරණ පැවැත්වීමෙන් උතුරේ ප‍්‍රශ්න විසඳෙන්නේද? වෙල්ලාල පීඩනයෙන් දෙමළ කුලහීනයාට ගැලවෙන්නට හැකිවෙයිද. කිසිසේත් නැත. උතුරේ ජල ප‍්‍රශ්නයට විසඳුම් ලැබේද. නැත. ඇත්තෙන්ම මේ ඊනියා ජනමත විචාරණ ඉල්ලීම කොටි හිතවාදීන් සතුටු කිරීම වෙනුවෙනි. විග්නේශ්වරන් මීට වසර කිහිපයකට පෙර උතුරේ බුදු පිළිමවලට එරෙහිව මහ පාරේ පෙළපාලි ගියෙත්

”දෙමලූනි නැගිටිව්” නමින් සංවිධාන නිර්මාණය කළෙත් පටු ජාතිවාදී අරමුණු මුදුන්පත් කිරීම පිණිස මිස දෙමළ ජන යහපතට නොවේ. ඉහත නිවේදනයේ විග්නේශ්වරන් මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශය සුරක්ෂිතව පැවතිය යුතු නම් ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී එහි පාලනය සිදුවිය බවයි. මේ හරහා කියන්නේ කුමක්ද? උතුර අස්ථාවර වුවහොත් තමිල්නාඩුවද ඉන්දියාවෙන් කැඞී යනු බවද. අස්ථාන බිය ඇති කිරීමට විග්නේෂ්වරන් රුසියෙකි. එහෙත් මේ කපටි දේශපාලකයාගේ කුමන්ත‍්‍රණ පරාජය කළ යුත්තේ ඒකීය ශ‍්‍රී ලංකාව සුරැුකීම වෙනුවෙනි. ප‍්‍රභාකරන් නොමැති උතුර සාමකාමීය. ස්ථාවරය. නැති අස්ථාවරභාවයක් මතු කරන්නේ ජිනීවා කවුන්සිලය ඉලක්ක කරගෙනය. තව ටික දිනකින් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත ද විග්නේෂ්වරන් ලිපියක් යොමු කළහොත් ඒ ගැන ද පුදුම විය යුතු නැත. නැති ප‍්‍රශ්න මැවීමට හිටපු මහ ඇමැති කදිම රුසියෙකි.
2021.02.09 දිවයින කතුවැකිය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More