දේශීය පුවත්

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප‍්‍රකාශ කරන්නේ, 2019 අපේ‍්‍රල් 20 වැනිදා සහරාන් හෂීම් ප‍්‍රමුඛ ස්වයං ඝාතකයන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සහ ඊට අනුබද්ධිත සිදුවීම් පිළිබඳව විමර්ශන සිදුකර ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සහ ලේඛන අසම්පූර්ණ බව නීතිපතිවරයාගේ මතය වී ඇති බවයි. ඒ අනුව නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර ඉදිරි දින 14 ක් ඇතුළත තමා වෙත වාර්තා ඉදිරිපත් කරන ලෙසට ඊයේ (09) පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බණ්දිකරණ සම්බන්ධීකරණ නිලධාරිනිය ප්‍රකාශ කළාය.

ඒ අනුව නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා උපදෙස් දී ඇත්තේ, පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද නිර්දේශ සහිත වාර්තාව ලබාගෙන එමගින් අනාවරණය කර ඇති නව කරුණු සහ සාක්‍ෂි සම්බන්ධයෙන් අවධානය යොමුකර නීතිපතිවරයා විසින් එවා ඇති පිටු 30 කින් සමන්විත උපදෙස් ලිපියේ අඩංගු උපදෙස් මාලාව ඔස්සේ විමර්ශන සිදුකරන ලෙසටයි.

ඒ අනුව පාස්කු ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයන් හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප‍්‍රමාදවීම වැලැක්වීම සඳහා එලෙස කඩිනමින් හා විධිමත්ව විමර්ශන සිදු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව පැවසේ .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More