දේශීය පුවත්

අද පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීමට සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් ගැන නොව ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුල නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නොනැගෙන බවත් එනිසා ජනාධිපතිට ද පක්‍ෂය තුල ඉහල තනතුරක් දිය යුතු යයි තමන් අදහස් පල කල බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවත් තමන් ඉවත් කිරීමක් කල යුතු බවට සඳහනක් එම ප්‍රකාශ තුළ තමන් නොදුටු බවත්ය.

කෙසේ වෙතත් මෙම ගැටුම තවදුරටත් ඉදිරියට ගෙනයායුතු නැති බව ද අගමැතිවරයා පෙන්වා දී ඇති අතර උණුසුම් තත්වයක් ඇතිවෙතැයි අනුමාන කර තිබූ එම පක්ෂ නායක රැස්වීම එවන් තත්වයක් තුළ නිමාවී ඇත.



One thought on “මහින්ද, විමල් විරෝධයේ හුලං බස්සයි”

  1. විමල් කිව්වේ පොහොට්ටුවේ ලොකු පුටුවක් විමල් ට දෙන්න කියලා නොවේ… ලොකු පුටුවක් රටේ ජනාධිපති ට දෙන ලෙසය. මෙය විමල්ගේ පෞද්ගලික මතයක් ලෙස නොසලකා හරින්නේ නැතිව බැසිල් ගේ ගෝලයෝ බුරන්න පටන් ගත්තේ මොකද?එයාල බුරන්නේ විමල්ට නොව ගෝටාභය බව එම තර්කය අනුව පැහැදිලි ය. ගැටුම තියෙන්නේ රාජපක්ෂ පවුලේ ය. බුරන්නේ විමල්ට එරෙහිවය. එබැවින් මෙම රණ්ඩුව බොරු රණ්ඩුවක් නොවන බව පැහැදිලි ය. එහෙත් ජනතාව ට ඔය රණ්ඩු වැදගත් නොවේ. විමල්ගේ ගෝටාභය ගේ සහන මල්ල සහ සවුභාග්‍ය ද මොකක්ද එක අපි 69 ඉල්ලන්නේ… හැමෝගෙම රණ්ඩු තමන්ගේ පිඟාන පුරවා ගන්නට ය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More