දේශීය පුවත්

අද (09) දින මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ; 2015 දී සිදු වූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා “මහින්ද සුළඟ” ආරම්භ කරමින් සිදු කළ කැපවීම වරදක් නම්; ඒ සඳහා ජාතියෙන් සමාව ගැනීමට තමන් සූදානම් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමක් තමන් අදහස් නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීම කළ යුතු බව පමණක් තමන් පැවසූ බවද ඔහු පැවසීය.

එක් පක්‍ෂයක් ගැන අදහස් පල කිරීම තවත් පක්‍ෂයක් සිදු කිරීම දේශපාලනයේදී සාමාන්‍ය බවත් එය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බවද පැවසූ ඔහු තමන්ගේ පක්ෂයේ විදෙස් ඔත්තු සේවාවන්ට සම්බන්ධ වෛද්‍යවරුන් හෝ වෙනයම් අයවළුන් හෝ සිටී නම් ඒ පිළිබඳව පොලිස්පතිතුමා හරහා විශේෂ පරීක්ෂණයක් කරණ ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරණ බවත් එම පරීක්ෂණයේදී පළමුවම එවැනි චෝදනා කරන අයගෙන් කට උත්තර සටහන් කරගැනීම කළ යුතු බවත් අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේය.

මේ අතර; පසුගිය ඉරිදා (07) දින ලංකාදීප පුවත්පතට වීරවංශ මහතා විසින් සිදු කර ඇති ප‍්‍රකාශය ගැන සමාව ඉල්ලා නොසිටින්නේ නම් ඔහු ඇමති ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ යුතු බවට ප්‍රබල සාකච්ඡාවක් එම පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් අතර ඇති වී තිබේ. මෙම පියවර ගත යුතු යයි යන හැඟීම පසුපෙළ මන්ත‍්‍රී පිරිසකට ද කාවැද්දිය යුතු යයි යෝජනා වී ඇත.

ඒ අනුව ඊයේ (08) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටි පරිදි වීරවංශ අමාත්‍යවරයා ජාතිය හමුවේ සමාව ඉල්ලා නොසිටිය හොත් ඇමති ධූරයෙන් හා පොදුජන පෙරමුණේ හවුල්කාරීත්වයෙන් ඉවත් කල යුතු බව ඔවුන් යෝජනා කළ අතර මේ බව අමාත්‍යවරයා වෙත ලිඛිතව දැන්විය යුතු බවට ද යෝජනා වී තිබේ.
https://www.facebook.com/watch/?v=918295805647119&t=87



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More