දේශීය පුවත්

වෙළඳ අමාත්‍යවරයා විසින් පාරිභෝගික භාණ්ඩ 27 ක මිළ පාළනය සඳහා ව්‍යාපාරිකයන් සමඟ ඇතිකරගත් එකඟතාවය නීති විරෝධී බව; පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

පාරිභෝගික භාණ්ඩවල මිළ ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති පාලන මිළට වැඩි මිළකට භාණ්ඩ අලෙවි කිරීම සඳහා වන එකඟතාවයක් වෙළඳ අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධී ක්‍රියාවකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිළ රුපියල් 85.00 කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකඟතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිළ රුපියල් 99.00 කි. මේ අනුව මෙම මිළට සීනි අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සඳහා ද පාලන මිළක් නියම කර ඇත. ඒ අනුව පාලන මිළක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිළට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි. මෙම දූෂණයට එරෙහිව අප සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

භාණ්ඩ මිළ පාළනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියාමගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම අප දැඩිව හෙළා දකින අතර භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයින් අතර එකඟතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27 ට පාළන මිළක් පනවා ඇති භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිළ පාළනය කිරීම සඳහා වෙළඳ අමාත්‍යවරයාට ඇති නොහැකියාව මනාව පෙන්නුම් කරන්නකි. අනෙක් අතට වෙළඳ අමාත්‍යවරයා සිය නිරුවත සිය අතින් වසා ගැනීමට උත්සාහ කිරීමකි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළඳ සැළකින්ම සාධාරණ මිළකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරන ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More