දේශීය පුවත්

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කරමින් ඉල්ලා සිටින්නේ සිංහල භාෂාවෙන් නීතිය හැදැරීමට හා නීති විභාගවලට මුහුණදීමට තිබූ අයිතිය අහෝසි කර ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් බැවින් අධිකරණ අමාත්‍යවරයාට හා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසය.

අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවයෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020-12-30 වැනිදා නිකුත් කළ අංක 2208-13 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් රටේ ජනතාව අතර ආගමික හා වාර්ගික වෛරය ඇති කිරීමට පෙළඹවීම, ඒ සඳහා ආධාර අනුබලදීම හා අනුග‍්‍රහය දැක්වීමේ වැරදි සිදුකර ඇති බවද 2021 පෙබරවාරි 7 වැනිදා සිදු කළ එම පැමිණිල්ල මගින් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය සහ එහි අධ්‍යාපන කටයුතු 279 අධිකාරය වන 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනත මගින් පාලනය වන අතර එකී නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් අධ්‍යාපන භාෂාව සහ නීති විභාග පැවැත්වීමේ භාෂාව තීරණය කිරීමේදී 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 3 වන වගන්තිය අනුගමනය කරමින් එකී වගන්තිය උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතුු කළ යුතු බවද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය පැමිණිල්ල මගින් දන්වා තිබේ.

මහෙස්ත‍්‍රාත් (අධිකරණවල) නඩු ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට ක‍්‍රියාකර සිංහල ජනතාව වෙනස් කර සැලකීමට එදිරිවාදිකම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට යොමු කරන ආගමික හා වාර්ගික වෛරය ඇති කිරීමට තැත් කිරීමේ වරද අධිකරණය අමාත්‍යවරයා ප‍්‍රමුඛ සහ නීති අධ්‍යාපන සභාව සිදුකර ඇති බව ද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතාගේ පැමිණිල්ලේ දැක්වේ.



One thought on “අධිකරණ ඇමතිවරයා වාර්ගික වෛරය ඇති කිරීමට තැත් කිරීමේ වරද කර ඇතැයි පොලිස්පතිට පැමිණිල්ලක්”

  1. Mr. Unawatuna.
    Its a prais worthy move.
    He, Mr. Sabri had done this with his full awareness and masterplanned to keep away lots of sinhala students away.
    He has no right to do so.
    Actually the president must ashamed of this extrimist behavoour and must quit sabri from his office.
    We Salute you, Mr. Unawatuna.
    ♥️♥️♥️

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More