දේශීය පුවත්

පසුගිය 06 වන දින පැවති කඹුරුපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ;

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව, විදුලිබල අමාත්‍යාංශය හැටියට අපට ලබාදීලා තිබෙන ඉලක්කය තමයි විදුලි උත්පාදනය වෙනුවෙන් පුනර්ජණනීය ප්‍රභවයන් යොදා ගැනීම. එතුමා කිව්වේ විදුලි උත්පාදනය වෙනුවෙන් ඩීසල් වලට වඩා ජලය, හිරු, සුළං මෙන්ම කසල වැනි ප්‍රභවයන් ගැන විශ්වාසය තබන්න කියලයි. දැනට විදුලි ජනනයෙන් 35% ක් පමණ නිපදවන්නේ ඩීසල් මගින්. පොසිල ඉන්ධන අපට නිකන් ලැබෙන්නේ නැහැ. වසරකට පොසිල ඉන්ධන ආනයනය වෙනුවෙන් පමණක් බිලියන 400 කට ආසන්න මුදලක් වැය කරනවා. සමස්ත රජයේ සේවකයන් වෙනුවෙන් මසක වැටුප් සඳහා වැය වන්නේ බිලියන 72 ක් වැනි මුදළක්. ඒ කියන්නේ වසරකට බිලියන 864ක්. රජයේ සේවයේ වසරක වැටුප් වෙනුවෙන් වැයකරන මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් වසරක විදුලිය නිපදවීම වෙනුවෙන් ආනයනික පොසිල ඉන්ධන වලට වැය කරනවා. අපි මේ නාස්තිකාර වියදම නවතා දැමිය යුතුයි” යන්නයි.

අතීතයේ රටේ පැවති භීෂණ යුගය පිළිබඳව ද සිහිපත් කරමින්;

“අපි එදා තරුණ තරුණියන් වශයෙන් අතිශය භීෂණ යුගයක් පසුකළා. එදා පැවති මිනිස් දඩයමට ජනතාව මර බියෙන් පසුවුණේ. මාස ගණනක් පාසල් වසා දැමුවා. දිනපතාම නිල්වලා ගඟෙ මිනී පාවුණා. උතුර දකුණ වෙනසක් නැතිව භීෂණයෙන් වෙලී තිබුණා. සමස්ත රටම ත්‍රස්ත බියෙන් වෙලිලා තිබුණා. නමුත් අද තරුණ පිරිස් ඒ අභියෝගයන්ගෙන්, භීෂණයෙන් මිදිලා. අපි ඒ ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයකට අද පැමිණිලා සිටින්නේ අපේ රාජ්‍ය නායකතුමන්ගේ දූරදර්ශී නායකත්වය මත. රටේ අනාගතය වෙනුවෙන් එතුමා සුවිශේෂී තීන්දු තීරණ රාශියකට එළඹිලා සිටිනවා. එතුමා ප්‍රශ්න දකින, ඒවා ගැන සිතන, විසදුම් සොයන, විසදුම් ලබාගන්නා සහ සන්නිවේදනය කරනා ආකාරය අනෙක් රාජ්‍ය නායකයන්ට වඩා වෙනස්. ඒ වෙනස්කම අපි තේරුම්ගත යුතුයි. ජනප්‍රිය මතය තමයි දේශපාලනාධිකාරිය සිටිය යුත්තේ ප්‍රශ්ණ වලට විසදුම් දීමට යන්නයි. නමුත් දේශපාලඥයො සිටිය යුත්තේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න නොවෙයි. ඒ වෙනුවෙන් තමයි නිළධාරීන් සහ ආයතන තිබෙන්නේ. දේශපාලඥයාගේ වගකීම මෙන්ම යුතුකම වියයුත්තේ, ප්‍රශ්න ඇති කරන හේතු නැති කිරීමයි. එයයි ජනාධිපතිතුමාගේ නවමු සංකල්පය” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිහ්ඩුරටත් පවසයි.

පක්ෂයට වසර 4 ක්, ජනාධිපති ධූරයට මාස 14 ක්, පාර්ලිමේන්තුවට මාස 06 ක් සම්පූර්ණ වී ඇති අද දවසේ කොවිඩ් – 19 නම් වූ විශ්වීය මාරයාට මාස 11 ක් සම්පූර්ණ වී ඇති බව පැවසූ ඔහු වඩාත් බළසම්පන්නවූ මේ ව්‍යසනය හමුවේ ලොව බලවත් රටවල් විශාල වශයෙන් අසරණ වී සිටින බවත්, අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගයන් හමුවේ අනතුර අවම රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More