ප‍්‍රධාන පුවත්

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca) සමූහ එන්නත්කරණය තාවකාළිකව නවතා දැමීමට තීරණය කර ඇත.

එය කොවිඩ් – 19 ආරම්භක ප්‍රභේදයට සාර්ථක වුව ද දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් පවතින නව ප්‍රභේදය [B.1.351 South African] ඉදිරියේ එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැතැයි මේ පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා ඊයේ දින සන්නිවේදන මාර්ගගත මාධ්‍ය හමුවක් පවත්වමින් එරට සෞඛ්‍ය ඇමති ස්වෙලි මඛීසේ (Zweli Mkhize) පැවසුවාය.

දකුණු අප්‍රිකාවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (Oxford University) හා විට්වෝටර්ස්‍රන්ඩ් (Witwatersrand) විශ්වවිද්‍යාලය ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳව මෙම තොරතුරු හෙළිදරව් කිරීමත් සමග එන්නතේ නිෂ්පාදකයින්ද එය පිළිගෙන ඇති නිසා ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තාවේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/514871-south-africa-suspends-astrazeneca/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More