දේශීය පුවත්

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හමුවූ අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලකගේ මැදිහත්වීම මත වළක්වා ගැනීමට හැකිව තිබේ.

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ මෙය ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයකි.

පරිසරවේදීන් පවසන්නේ, මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බවය.

ශාකයට හානි නොවන ලෙස මාර්ගය ඉදිකිරිම සඳහා මින් පෙර එකඟතාවකට පැමිණ තිබුණත් ඊයේ ඒ අවට තිබූ ගස්වැල් සහ පස් ඉවත්කර ඇති බවයි. ඒ අසල තවත් ගස් ගණනාවක් ද ගලවා තිබී ඇති අතර ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක මැදිහත්වීම මත කෘඩියා සෙලනිකා ශාකය ගලවා දැමීම නැවතී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ මෙම ශාකය විධිමත්ව ගලවා සුදුසු ස්ථානයක රෝපණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක පවසන්නේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවයි. එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර ඇතැයිද ඇය පවසයි.

දේවානි ජයතිලක වැඩිදුරටත් පවසා ඇත්තේ කෘඩියා සෙලනිකා ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස මෙම ශාකය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු වීම බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More