දේශීය පුවත්

ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ,කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමිව අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත් වියයුතු බවයි.

ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව මේ සම්බන්ධයෙන් සකස් කෙරුණු වීඩියෝ දර්ශන පෙලක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒවා අතර රැකියාව අහිමිව කුවේටයේ නගරයක සිඟමන් යදින අයෙකුගේ වීඩියෝ දර්ශන පෙලක්ද දක්නට ලැබුණි. තවද එම වීඩියෝ දර්ශන අතර අසරණ වූ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ වීඩියෝ දර්ශනද දක්නට ලැබුණි.

කුවේට්හි, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අසරණව සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද මෙහිදී ඔවුන් විසින් මාධ්‍යට මුදාහැරියේය.

එම මාධ්‍යය සාකච්ඡාවේදී අනාවරණය වූයේ මැදපෙරදිග කලාපයේ රටවල තිබෙන ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල කිසිවක් අසරණ වී ඇති ශ්‍රි ලාංකීය ශ්‍රමිකයන් රැක බලා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවයි.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රගතිශිලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් ඉවත් කර ඇති බවයි.

එහිදී පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින්,“මෙම විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය භාරගෙන තියෙන්නේ විදේශ අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන ඒකකය හා කාර්ය සාධක බලකාය. ශ්‍රමිකයින් පිළිබඳ වගකිව යුතු මුලිකම ආයතනය ඉවත් කරලා, මේක ව්‍යාපාරික උවමනාවට තැරැව්කරුවන් අතට පත්කිරීමේ ප්‍රධාන පියවර තියෙන්නේ අන්න එතන. ජනාධිපතිවරයා කියනවා ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. මේ ඉන්නේ එතුමාගේ පුරවැසියෝ. එතුමාට ඡන්දය දීපු ජනතාව. විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නවලටත් ඒ ආකාරයෙන්ම මැදිහත් වෙන්න ජනාධිපති තුමනි.” යනුවෙන් පවසා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More