ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවත්
සිය ගැටලු සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු එම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...