කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාව සහ ජපානය කැමැතිද අකමැතිද යන්න දෙසතියක් තුළ ප්‍රකාශ කිරීමට නියමිත බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ඉන්දියාව සහ ජපානය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට අත්සන් කළ ගිවිසුමෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව මෙම දෙරටට වරායේ බටහිර ජැටිය සංවර්ධනය සඳහා ලබාදෙන බවට ප්‍රතිඥා දුනි. මෙයට නැගෙනහිර ජැටිය පැවරීමට විරුද්ධ වූ වෘත්තීය සංගම් ද එකඟත්වය පළ කර තිබිණි.
එසේම මෙම ආයෝජනය සඳහා ඉන්දියාව නම් කළ අදානි සමාගම සහ එහි දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් සමාගම ද මේ වන විටත් බටහිර ජැටිය සංවර්ධනයට සිය කැමැත්ත පළ කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
බටහිර ජැටිය සංවර්ධනය ගැන ඉන්දියාව සහ ජපානය දැන් ඒකාබද්ධ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. දෙසතියක් තුළ එහි තීන්දුව ප්‍රකාශ කෙරෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඊට අදාළව දැනටමත් ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන ඇත. ඒ අනුව බටහිර ජැටියේ කොටස්වලින් 85%ක් ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ආයෝජනයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...