දේශීය පුවත්

සති අන්ත ලංකාදීප පුවත්පත සමග අදහස් පළ කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ; ඔහු විසින් කරණ ලද ප‍්‍රකාශයක් ගැන කණගාටු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සඳහන් කර තිබුණ බවත් එය ඔහුට කනගාටුදායක වූවාට තමන්ට ප්‍රශ්ණයක් නොවන බවත්ය.

මොන ප්‍රහාරයට ලක් වුවද රට ජාතිය වෙනුවෙන් දරන ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රේණුවක තරම්වත් වෙනස් නොකරන බව සඳහන් කරන අමතිවරයා; “අපට ප‍්‍රශ්ණයක් නැහැ එයාට කනගාටුදායක උනාට. අපට ප්‍රශ්ණයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ” යනුවෙන් ද ප්‍රකාශ කර තිබුණි.

“ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නෙ නැහැ. ඒ ගොල්ලො කාට හරි බැළමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය” යන්න වැඩිදුරටත් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More