දේශීය පුවත්

බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් සඳහා පසුගිය ජනවාරි මස 18 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වලට අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි.

ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බව ද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More