කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රභලයින් තුළ සැකයක් මතුව තිබේ.
එම සැකය අනුව එලෙස වෙන වෙන කණ්ඩායම් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකින් දැනුම්දීමක් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
තුනෙන් දෙකේ බළයක් සහිත ආණ්ඩුව සෑම විටම එක ආණ්ඩුවක්, එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවත්, එම ආණ්ඩුව ඇතුළේ කල්ලි, කණ්ඩායම් නිර්මාණය කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එහිදී දැනුම්දීමට නියමිත බවද දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...