දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉතා ජනප්‍රිය පෞද්ගලික රෝහලක් මෙන්ම වෛද්‍යය පරීක්ෂණ වලදී නිරවද්‍යයම පරික්ෂණ සපයන්නේ යැයි පවසන රෝහලක පීසීආර් පරීක්ෂණ කිරීමේදී රුපියල් අටදහසක මුදලක් රෝගීන්ගෙන් අයකරණ බව වාර්තා වේ. කොවිඩ් වෛරසය ආසාදිත යැයි සැලකෙන පුද්ගලයා කැටුව එන පුද්ගලයාටද පරික්ෂණ සිදු කිරීමට සිදුවන හෙයින් වෛරස ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයාට පීසීආර් පරීක්ෂණ දෙකක වැය හෙවත් රුපියල් දහසය දහසක මුදලක් දැරීමට සිදුවන බව එම රෝහලේ සේවකයන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටී. පීසීආර් පරීක්ෂණ වලට වැය වන මුදල් සම්බන්ධව අවබෝධයක් ඇති අයවළුන්ගේ අදහස වන්නේ එක් පරීක්ෂණයක් සඳහා වැයවන වියදම රුපියල් දෙදහස් පන්සියයක වැනි මුදලක පවතින හෙයින් වියදම මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි මුදලක් අය කිරීම “බාගෙන කෑමට තියෙන වල ඉහගෙන කන” තත්වයට එම පෞද්ගලික රෝහල පත්ව ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More