සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටින්නේ රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බැවින් ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවයි.
එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් එසේ සිදුවීම නිසා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබලවී ඇති බවත් එය ආණ්ඩුවේ සහ රටේ සමාජ, ආර්ථික සහ දේශපාළන නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම සන්දර්භය මත ඇතැමුන් තමන්ගේ පෞද්ගලික බල පෙරේත කම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බැවින් ඒ ගැන විශාල කණගාටුවක් ඇති බවත් පවසන ඔහු එම සීමිත පිරිස තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට දරණ උත්සාහය ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ඇමතිවරයා සිය කණස්සල්ළ පළ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...