පුරවැසි කොලම

මුතු ඇටයේ දිශානතිය

February 7, 2021 8:35 am | Lanka Lead News

දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න අගයක් වන අතර සමස්ත ජනගහනයෙන් 51% කට අධික ප්‍රතිශතයක් ලක්ෂ 120 ක් පමණ කාන්තාවන්ය.ශ්‍රී ලංකාවේ වසරකට 360,000 ක් පමණ කාන්තාවන් ගර්භණී භාවයට පත් වන අතර ඉන් බහුතරය ආසන්න වශයෙන් මුස්ලිම් කාන්තාවන් වේ.

ලොව රටවල් 195 ක සාඵල්‍යතා වේග (Fertility rates), මරණ, සංක්‍රමණ සහ ජනගහනයේ ඇති විය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් ‘The Lancet’ සඟරාව නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය වසර 2100 වන විට මිලියන 10.45 දක්වා පහළ යනු ඇතැයි දක්වා තිබේ. 2017 වසරේදී මිලියන 21.60 ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 2031 වසරේදී එහි උපරිමයට, එනම් මිලියන 22.34 කට ළඟා වනු ඇත.

1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය (එක් කාන්තාවක් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය) 5.0 කි. 2016 වසර වන විට එම අගය 2.2 කි.2017 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය 1.80 ක් වන අතර මේ සියවස අග වන විට එය 1.46 දක්වා පහළ යනු ඇත.

යම් රටක fertility rate (සාඵල්‍යතා වේගය ) දළ වශයෙන් 2.1 ට අඩු නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වී ඇතිබව පෙන්නුම් කරයි.

සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි?

කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාව නිසා දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවෝ නැඹුරුවක් දක්වයි.එසේම ඔවුන් විවාහ දිවියට එළබ නොවීමත් බොහෝ රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාව ඉහළ වැඩි වයස යනතුරු විවාහ දිවියට එළඹ නොවීමත් හේතුවේ.එසේම භෞතික සම්පත් හා වත්කම් ඔස්සේ හඹායන වර්ථමාන කාන්තාවන් දිනකට දික්කසාද 400 ක් පමණ සිදුවේ.

2012 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව:

2011 වසරේ දී මුස්ලිම් ප්‍රජාව වැඩිම සාඵල්‍යතා වේගය පෙන්නුම් කරයි. එය අනුපාතිකයක් වශයෙන් 3.3 කි.එම වසරේදී සිංහල සහ ශ්‍රී ලංකා දෙමළ යන ජන වර්ග දෙක අඩුම සාඵල්‍යතා අනුපාතික පෙන්නුම් කරයි.

දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ දී ගර්භණී මවුවරුන් ද සුවිශේෂී කාණ්ඩයක් ලෙස සැළකේ.
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් ගැබිණි මවුවරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීම සඳහා ක්ෂණික 0710301225 දුරකතන අංකය හඳුන්වා දී තිබෙන අතර මෙය පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය අමතා විස්තර දැන ගත හැකිය.

වෛද්‍ය එම්. කේ. එම්. ප්‍රසාද්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More