දේශීය පුවත්

ඡායාරූපයෙන් දැක්වෙන්නේ; සුරපුරයක් යයි සිතා බොහෝ ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වීමට සිහින දකින එංගලන්තයේ මේ වනවිට කුඩා දරුවන් ඇතුළු මිලියන 14ක් කුසගින්නෙන් පීඩා විඳින බැවින් ඔවුන්ට උපකාර කරණ ලෙස ආයාචනය කරමින් විවිධ සිවිල් සංවිධාන විසින් ප්‍රදර්ශණය කර ඇති විශාල දැන්වීම් පුවරු වලින් එකකි.

ලොව සශ්‍රීකතම පොළව සහිත රටවල් අතර ප්‍රමුඛතම රටක් වන අප රටේ දැනට දශක 6ක පමණ සිට බහු ජාතික “හරිත විප්ලව මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ” ඉගැන්වීම් වලින් ඔලුව කුරුවල් කරගත් ඊනියා කෘෂි උපාධිධාරීන්, කෘෂි උපදේශකයින්ගේ මඟපෙන්වීම් යටතේ විෂ රසායනික පොහොර, විෂ කෘමි නාශක සහ විෂ වල් නාශක යොදමින් විශාල පරිසර හානියක් මෙන්ම පොලව ද වනසමින් වගාකරුවන් කර ඇති විනාශය කිව නොහැකි තරම් අති මහත්ය.

වාණිජත්වයට යටවී ඔද්දල් වූ බටහිර රටවල් මෙසේ අසරණ වෙද්දී ප්‍රධාන වශයෙන්ම බටහිර කුමන්ත්‍රණ සහ ඔවුන්ගේ ඉගැන්වීම් නිසා විනාශ වූ අප රටේ මෙවන් ඛේදනීය තත්වයක් මතුවී නොමැත්තේ අදටත් අප රටේ කෑමට බතල අලයක්, කොස් මදුලු හෝ සොයා ගැනීමට ඇති නිසාය.

නමුත් දේශීය දෙය හෙළාදකිමින් බටහිරටම කත් අදින ඊනියා උගත්, බුද්ධිමත් යයි කියන නරුමයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ උපදෙස් ඉතා ඉහලින්ම පිළිගන්නා තකතීරු පාළකයින් විසින් අද දවසේ ද සංවර්ධනයේ නාමයෙන් සිදුකරමින් සිටින පරිසර විනාශය සහ වන විනාශය හමුවේ තව කොතරම් කාළයක් මෙසේ හෝ රැකී සිටීමට හැකිවේදැයි යන්න බළවත් ගැටළුවක් වන්නේ අප සමාජයේ පරිසර සාක්ෂරතාවය ද ඉතා පහත මට්ටමක ඇති බව පැහැදිළිව පෙනීයන නිසාය.

මෙම තත්වය පිළිබඳව ඉතා පැහැදිළි අවබෝධයක් ඇති ජාතික සංවිධාන එකමුතු කණ්ඩායම රටේ මෙම අවාසනාවන්ත තත්වය වෙනස් කර රට නියම මාර්ගයට හැරවීමට නිරන්තර උත්සාහයක යෙදී සිටී.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More