දේශීය පුවත්

කොළඹ වරාය නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබා දීම නිසා “ඉන්දීය රෝ බුද්ධි සේවය” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම වැඩි කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මතු වී ඇති අර්බුදය නිසා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කැබිනට් බළතල සහිත තානාපතිවරයකු ලෙස පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම අර්බුදය නිසා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයේ ඇති ඉන්දියන් ඔයිල් සමාගමට පවරා ඇති තෙල් ටැංකි දෙකක ඉන්ධන ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ද ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර මාර්තු මස ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ දී ඉන්දියාව කුමන තීරණයක් ගන්නේ දැයි පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාවට දන්වා නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ මෙරට සිටින ඉන්දීය ඔත්තු කරුවන්ගේ සහයෝගයෙන් ඉන්දීය රෝ ඔත්තු සේවාවන් රජයේ කටයුතු විමර්ශනය කරන බවයි.

(ඉරිදා දිවයින පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More