දේශීය පුවත්

පොළොන්නරුවේ ජල ගැලුම් නිම්න කලාපය තුළ පිහිටි සෝමාවතිය රක්ෂිතයේ බොරපන්වැව ආශ්‍රිතව ට්‍රැක්ටර් යොදාගෙන අක්කර සිය ගණනක් වගා කටයුතු සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කර ඇතැයි වාර්තා වේ.

එම ජාතික වනෝද්‍යානයේම අනෙක් පස පිහිටි වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අනවසර එළිපෙහෙළි කිරීම් හා ගවගාල් පවත්වාගෙන යාමත් සිදුකර තිබෙන බව මීට පෙර අනාවරණය වූ අතර එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි ජල ගැලුම් නිම්න කලාපයේම මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අක්කර සිය ගණනක් මාස කිහිපයක සිට අනවසරයෙන් එළිපෙහෙළි කරන බවට ද වාර්තා විය.

මේ පිළිබඳව සොයාබැලීමට පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා, ප්‍රදේශවාසීන් සමග පෙරේදා (04) දින එහි ගොස් තිබූ අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු වනය තුළ සිට ට්‍රැක්ටර් රථයකින් වේගයෙන් පිටතට පැමිණෙ පළා ගොස් තිබේ.

අනතුරුව ජල ගැලුම් නිම්න කලාපය වෙත ඇතුළුවීමේදී දැකගන්නට ලැබී ඇත්තේ බොරපන්වැව හා විල්ලු ආශ්‍රිත භූමිය ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර යොදා විනාශකර ඇති බවත් එමෙන්ම, කුඹුක්, හැලඹ, හල්මිල්ල ඇතුළු වටිනා දැවැන්ත ගස් 300කට අධික ප්‍රමාණයක් යන්ත්‍ර උපයෝගී කරගනිමින් කපා දමා තිබෙන බවත්ය.

වගා කටයුතු සිදුකිරීම සඳහා අක්කර සිය ගණනක් මෙලෙස අනවසරයෙන් සකසා තිබූ අතර මේ පිළිබඳව පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා විසින් මැදිරිගිරිය සහ සෝමාවතිය වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

“රාත්‍රි කාලයේ ඇවිත් තමයි මේ විනාශය කරන්නේ. උදේට කවුරුත් නෑ. කවුද එන්නේ.. කවුද යන්නේ කියලා කිසිදෙයක් ගම්මු දන්නේ නෑ. බලධාරීන් මේකට දැඩි පියවරක් ගන්න ඕනේ,” යනුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පල්ලියගොඩැල්ල ප්‍රදේශවාසීන් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More