මාර්තු 6 වැනිදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ පළමු මහා සම්මේලනයේදී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමය නියෝජනය කළ ප්‍රධාන පෙළේ සාමාජිකයන් 21ක් නිළ වශයෙන් එම පක්ෂය සමඟ එක්වී සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීමට ද තීන්දු කර ඇතැයි වාර්තා වේ.
මේ බව මේ වන විටත් චම්පික රණවක මහතා විසින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇති අතර පසුගිය බදාදා චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත්කළ සමගි ජන බලවේගයේ පංච පුද්ගල කමිටුව රැස්වී රණවක මහතා වෙත භාරදීම සඳහා යෝජනාවලියක්ද සකස් කර ඇති බව වාර්තා වේ.
අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී චම්පික රණවක මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබූ අතර, සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු පැවසූවේ චම්පික රණවක මන්‍ත්‍රීවරයා ඊලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවක් ඇතැයි රාවයක් පවතින බවත් කිසිසේත් තම පක්ෂයෙන් කිසි විටෙක එම අවස්ථාන හිමි නොවන බවත්ය.
සමගි ජන බලවේගයේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...