දේශීය පුවත්

ඇතැම් බැංකු විසින් ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගැනීමේ සිදුවීම් පිළිබඳ සොයාබලා ඊට එරෙහිව දැඩි පියවරගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඇතැම් බැංකු ක්‍රියාත්මක කරන වැරදි තීරණ සඳහා ඉඩ නොදීමට ඉදිරියේදී නීතිරීති කිහිපයක්ම යෝජනා කිරීමට තමා බලාපොරොත්තුවන බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

“ගිණුම් හිමියන්ගේ වැටුප්වලින් නොදන්වා මුදල් අයකරගැනීම් සිදුවෙනවා නම් එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ගිණුමකින් සතයක්වත් ගන්න බෑ, ඒ අයට දැනුම්දෙන්නේ නැතුව. මම දන්නවා සමහර තැන්වලදී ඒ වගේ දේවල් සිදුවෙලා තියෙනවා. ඒ දේවල්වලට අපි විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඉදිරියේදී මම යෝජනා කරන්නත් යනවා යම්යම් ආකාරයට පොලී අනුපාතය වෙනස් ආකාරයට වැඩි කරන්නැති වෙන්න, මොකද සමහර අය කියනවා වෙලාවට ගෙව්වෙ නැති නිසා 3%කින් වැඩි කරනවා කියලා වගේ දේවල්. ඒ වගේ දේවල් වැරැදියි. ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නෑ. ඒ තැන්වලට අවශ්‍ය නීතිරීති ගේන්න අපි බලාපොරොත්තුවෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More