දේශීය පුවත්

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.

වරාය නැගෙනහිර ජැටිය පැවරීම අවලංගු කිරීම ගැන ඉන්දීය රජයේ මතය දැන්වීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා මුණගැසිණි. එම හමුවීම්වලදී මහ කොමසාරිස්වරයා කියා තිබුණේ දෙරට අත්සන් කළ ගිවිසුමක් ශ්‍රී ලංකාව ඒක පාර්ශ්විකව අවලංගු කිරීමට අදාළ සාධාරණ හේතු තමන්ට ඉන්දීය රජයට ඒත්තු ගැන්වීම පවා අසීරැ බවය. එසේම තම රජයට නොදුන් නැගෙනහිර ජැටිය වෙනත් බළැවත් රටකට පවරන්නේ ද යන්න ගැනත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කර ඇත.

මේ සියල්ලට පිළිතුරු ලෙස රජයේ ප්‍රධානීන් පවසා ඇත්තේ පවතින දැඩි විරෝධය හමුවේ ඉන්දියාවට ජැටිය ලබා දුන්නද එය නිසි පරිදි පවත්වාගෙන යාමට වෘත්තීය සමිති සහාය නොදෙන බවය. එබැවින් වරායේ බටහිර ජැටියෙන් 85%ක බහුතර කොටස් ලබාගෙන සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට යෝජනා කර ඇත.
(දේශය පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More