දේශීය පුවත්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථක වූ බව ලංකා කම්කරු කොංග‍්‍රස් මහ ලේකම් වතු නිවාස ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

නොර්වුඞ් ප‍්‍රදේශයේදී ඊයේ (05 ) දින සවස පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ජීවන් තොණ්ඩමන් මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස රජය මගින් යෝජනා කර තිබියදී එයට වතු සමාගම් මේ වනතෙක් එකඟ නොවීම හේතුවෙන් එම වතු සමාගම්වලට එරෙහිව 05 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කළා.

ඒ අනුව 05 වැනිදා පැවැති එම හර්තාල් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වුණා. මෙය නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ පමණක් නොවෙයි තවත් දිස්ත‍්‍රික්ක කීපයකම පැවතියා. මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, පාසල් සිසුන්, රථ වාහන හිමියන් ඇතුළු විවිධ පිරිස් සහාය ලබා දුන්නා. යාපනයේ පාසල් සිසුන් පවා අපිට සහාය ලබා දුන්නා. එම නිසා මෙය සාර්ථක කර ගැනීමට සහාය දුන්න සියලූම දෙනාට මේ අවස්ථාවේ ස්තුතිය පුදකරනවා.

මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා අස්ගිරිය විහාරස්ථානයේ සංඝරත්නය මෙන්ම මහනුවර බිෂොප්තුමන් ද ආශිර්වාද කළා. එම පූජ්‍ය පූජක පක්ෂයට නමස්කාර ස්තුතිය පුද කරනවා. මෙය පැවත්වූයේ වතු සමාගම්වලට එරෙහිව මිස රජයට එරෙහිව නොවන බව නැවත ප‍්‍රකාශ කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. රමේෂ්වරන් මහතා මෙසේ පැවසීය. අද දින පැවති හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලූම දෙනාට ස්තුතිය පුද කරනවා. මේ රටේ ජනාධිපතිතුමන් කීවා මේ වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස. අගමැතිතුමාත් කීවා මෙය වැඩි කරන ලෙස. කම්කරු ඇමැතිත් කීවා මෙය වැඩි කරන්න කියලා. එත් වතු සමාගම් මෙයට කැමැත්ත දක්වන්නේ නැහැ.

එම නිසා වතු සමාගම්වලට එරෙහිවයි මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන්නේ. මෙය සංවිධානය කළේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ශක්තිය පෙන්වන්න නොවෙයි. මෙය සංවිධානය කළේ ජනතාවගේ ශක්තිය පෙන්වන්නයි.

වතුවල නිෂ්පාදනය කරන තේ කුඩු ප‍්‍රවාහනය කිරීම නතර කරන්න ලංකා කම්කරු කොංග‍්‍රසය කිසිම අවස්ථාවක උපදෙස් දීලා නැහැ. එය කර තියෙන්නේ වතු කම්කරුවන්.

වතු සමාගම්වලට තේ වතු ලබා දීමෙන් පසු වතු විශාල ප‍්‍රමාණයක් විනාශ වෙලා. මේ වතු සමාගම් අතරින් දම්රෝ ආයතනය පමණයි එක් වත්තක කර්මාන්ත ශාලාවක් හදලා තියෙන්නේ. ඒ පිළිබඳව ආඩම්බර විය යුතුයි.

අද සමහර වතු සමාගම් තේ ගස්වලට හරියට පොහොර ටික දාන්නේ නැහැ. කරන එකම දේ දලූ ටික කඩන එකයි ගස් ටික කපන එකයි. අපි කියන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ යුතුයි කියන එකයි.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More