දේශීය පුවත්

පුරාවිද්‍යා කැණීම් සිදුකර අපේ උරුමය තහවුරු කිරීම අපගේ වගකීම බවත්, ඒ සඳහා යුනෙස්කෝ අවසරය අවශ්‍ය නොවන නමුත් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී එවැනි සංවිධාන අවශ්‍ය වන බව අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග පවසයි.

මුලතිව්හි කුරින්දිමලේ කැණීම්වලට එරෙහිව නැගෙන විරෝධය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වා ඇත.

ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන බොහොමයක් බෞද්ධ පුදබිම් බවත් ඒවා හානියට ලක්කර ඇති බැවින් සංරක්ෂණය කළ යුතු බවත් පුරා විද්‍යා කොමසාරිස්වරයා පවසා ඇත.

කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට ඒ සඳහා ස්වාධීනව තින්දු තීරණ ගත හැකි බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග අදහස් දක්වා ඇත.

ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පුරාවිද්‍යා ස්ථානවල කැණීම් කරන්නේ කොතැනද සංරක්ෂණය කරන්නේ කොතැන ද යන්න ගැන තීරණ කළ හැකි බවද ඒ සඳහා යුනෙස්කෝවෙන් හෝ වෙනත් තැනකින් අවසර අවශ්‍ය නොවන බව ද ඔහු පැවැසීය. ඉකුත් ජනවාරි 18 දා එහි ඇරඹුණු කැණීම්වල දී මේ වනවිට පබ්බත වර්ගයේ විශාල ස්ථූපයක කොටස්, විශේෂයෙන් එම ස්ථූපයේ යූපස්ථම්භය හමුවූ බව ද හෙතෙම සඳහන් කළේය.

පුරා විද්‍යාඥයන් වන තම කණ්ඩායම කුරින්දිමලේ දෙස බලන්නේ මුන්නේෂ්වරම, නල්ලූර් කෝවිල හෝ අනෙක් ආගම්වල පුරා විද්‍යාස්ථාන දෙස බලන අන්දමින්ම බවත් එහි දී විද්‍යාත්මක අන්දමින් පුරා විද්‍යා ස්ථාන දෙස බලා තීරණයක් දීම තම වගකීම වන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More