දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් රාජ්‍ය ප‍්‍රතිපත්තියම කණපිට හැරවිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

වත්මන් ව්‍යුහය ඇතුළේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුම් නැතැයි ද පැවසූ ජයගොඩ මහතා රටේ බදු ප‍්‍රතිපත්තිය පවා සැකසී ඇත්තේ ධනවත් සමාගම් සතුටු කිරීමට යැයි ද කීවේය.

සමාගම්වලට පනවා තිබූ බදු 50% ක් පසුගිය අයවැයෙන් අඩු කළ බවත් සාමාන්‍ය ජනතාවට බලපාන භාණ්ඩ හා සේවා මත පනවන බද්ද වැඩි කළ බවත් ජයගොඩ මහතා සඳහන් කළේය.

“කොවිඞ් 19” හමුවේ ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මෙරට පමණක් නොව ලෝකයේම මහා ධනකුවේරයන් ළඟ ඇති “සල්ලි කඳු” හෙල්ලිය යුතු බව ද ඒ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතු බව ද හෙතෙම කීවේය. ධනකුවේරයන් ගොඩගසා ගෙන ඇත්තේ වැඩකරන මිනිස්සුන්ගේ ශ‍්‍රමයට අයත් ධනය බවත් එම ධනය සමාජ සන්තක කළ යුතු බවත් හෙතෙම පැවසීය. නමුත් වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇත්තේ එවැනි මාවතක නොව ධන කුවේරයන් රකින්න යැයි ද ඔහු කීවේය.

ජයගොඩ මහතා මෙසේ ද කීවේය.

ලංකාවේ කොරෝනා සම්බන්ධයෙන් දිනකට පරීක්ෂණ දහතුන් දහසක් කළාම ආසාදිතයන් අටසියයක් පමණ වාර්තා වෙනවා. ප‍්‍රතිශතයක් හැටියට ගත්තොත් ඒක සියයට පහක් හයක් විතර. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා එවැනි ප‍්‍රතිශතයක් කියන්නේ භයානක පැතිරීමක් කියලා. වසංගතයෙන් මිනිස්සු බේර ගන්නයි, ආර්ථිකය දුවවන්නයි දෙකම බෑ. මිනිස්සුන් මැරෙන්න ඉඩ හැර ආර්ථිකය දුවවන එක වැරදියි. ඒ නිසා පසුගිය වසරවල ප‍්‍රකෝටි ගණන් ලාභ ඉපයූ ධන කුවේරයන්ගේ මුදල් අරගෙන ජනතාව බේරා ගන්න යෙදවිය යුතුයි. ඒත් ලෝකයේම රාජ්‍ය ප‍්‍රතිපත්ති තියෙන්නේ ජනතාව පැත්තේ නෙවෙයි, ධන කුවේරයන්ගේ පැත්තේයි. ලංකාවේ ගත්තොත් හාල් මිලේ තත්ත්වය හොඳ උදාහරණයක්. සම්බා කිලෝව රුපියල් එකසිය පහ පැනලා. නාඩු කිලෝව රු. අනූහයක් විතර වෙනවා. 2019 වසරට වඩා 2020 වසරේ වී නිෂ්පාදනය වැඩියි. 2019ට සාපේක්‍ෂව වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දොළහක අතිරික්තයක් තියනවා. එහෙම තියෙද්දිත් එදාට වඩා මෙදා හාල් මිල වැඩිවෙන්නේ නිසි විදියට ඒවා බෙදාහැරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නැති නිසයි. රාජ්‍ය ප‍්‍රතිපත්තිය ජනතාවාදී නොවන නිසායි. අනිත් ක්ෂේත‍්‍රවලත් එහෙමයි. ඒ නිසා රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න නම් රාජ්‍ය ප‍්‍රතිපත්ති කණපිට හැරවිය යුතුයි.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More