දේශීය පුවත්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නැගෙනහිර පලාතේ සිට ආරම්භ කොට ඇති විරෝධතා පා ගමනට විරෝධය පලකරමින්; යාපනය බස් නැවතුම්පල අසලින් ආරම්භ කර යාපනය පුස්තකාලය දක්වා ගමන් කළ විරෝධතා පාගමනක්, යාපනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඊයේ (04) සවස සංවිධානය කොට තිබිණි.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආරම්භ කොට ඇති රාජ්‍ය විරෝධී පාගමන කිසිදු සාධාරණත්වයක් නොමැති සම්පූරණයෙන්ම දෙමළ දේශපාලන පක්ෂ වෙනුවෙන් පමණක් සිදු කෙරෙන ජනතාව මුලාවේ දමන පාගමනක් බවටය. ඇමරිකාවේද යුද්ධය හේතුවෙන් මානව හිමිකම් කඩවී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වේයැයි පවසමින් අසරණ ජනතාව බිල්ලට තබා කොටි හිතවාදී දෙමළ ඩයස් ෆෝරාව, දේශපාලන පක්ෂ විසින් වෙනත් අරමුණු සඳහා මෙලෙස විරෝධතා පා ගමන් සිදු කිරීම රටටම සිදු කෙරෙන අගෞරවයක් බවයි.

තවද අතුරුදහන් වූවන්ට විසඳුම් ලබාදීම, පුරාවිද්‍යා උරුමයන් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑම වැනි පාඨයන් පවසා දෙමළ ජනතාව හා අනෙකුත් ජාතීන් අතර ගැටීමක් ඇති කිරීමේ උත්සාහයක්ද මෙම පාගමනෙන් සිදුවන අතරම අධිකරණ නියෝගයන්ද කඩ කරමින් 06 වනදින යාපනය දිස්ත්‍රීක්කයට ලඟා වීමට නියමිතව ඇති රථ පෙළපාලිය සහ පා ගමන යාපනය ජනතාව පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාවම හෙලාදැක ඇති බවට විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසීය.



One thought on “සුමන්තිරන් ඇතුළු සුලු ජාතික ජාතිවාදීන්ට එරෙහිව දෙමළ ජනතාව ක්‍රමයෙන් නැගිටිමින් සිටී”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More