2020 අගෝස්තු මස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කළ පළමු කොවිඩ් – 19 එන්නත වන රුසියාව විසින් නිපදවා ඇති “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීය හැකි බව රුසියානු රජය ශ්‍රී ලංකාවට දන්වා තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රුසියානු තානාපතිවරයා ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති බව ද ජාතික ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට “ස්පුට්නික් V” එන්නත් මිලදීගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් මිලියන දෙකක් මිලදීගැනීමට ද යෝජනා වී ඇති බව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...