අධිකරණ නියෝග නොතකා විරෝධතා පෙළපාළි ගිය එම්.ඒ. සුමන්තිරන්, රාසමානික්කම් චානක්‍යයන්, චාල්ස් නිර්මලනාදන්, තවරාසා කලයිඅරසන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලකයන් 50ක පමණ පිරිසකට ද ඔවුන්ට අමතරව අධිකරණ නියෝග නොතකා පෙළපාළියට සහභාගි වූ බවට හඳුනාගත් ආගමික හා සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් 60කට වැඩි පිරිසකට ද එරෙහිව නඩු දැමීමට පියවර ගැනෙන බව නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරීහු පවසති..
අධිකරණ නියෝග කඩ කිරීම, සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම හා පොලිසියේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ සටහන් කරගත් වීඩියෝ පිටපත් හා ඡායාරූප ද ඉදිරිපත් කරමින් නැගෙනහිර පළාතේ අධිකරණ කිහිපයක් හමුවේ ඉදිරියේදී මෙම පිරිසට එරෙහිව කරුණු වාර්තා කිරීමට නියමිතය.
ජාතික නිදහස් දිනය වර්ජනය කරමින් රජයට විරෝධය පෑමේ මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර තිබුණේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බවට බලකරමිනි. පෙරේදා (3 වැනිදා) පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම පෙළපාළියේ දෙවැනි දිනය ඊයේ (4 වැනිදා) ආරම්භ වූයේ මඩකලපුව කාලංකුඩා ප්‍රදේශයෙනි.
මඩකලපුව, එරාවුර්, චෙංකල්අඩි, වාලච්චේන, ඕටමාවඩි, වාකරේ, වෙරුගල්, කින්නියා, ත්‍රිකුණාමලය හරහා ඊයේ (4 වැනිදා) මුලතිව් දක්වා පැමිණි පෙළපාළිය හෙට (06 වැනිදා) වැනිදා) කිලිනොච්චිය ඔස්සේ යාපනය පොලිකණ්ඩි දක්වා ගමන් කිරීමට නියමිතය.
අම්පාර දිස්ත්‍රික්කයේ කිසිදු විරෝධතාවක් හෝ පෙළපාළියක් යාම වළකාලමින් පොතුවිල්, අක්කරෙයිපත්තු, කලවංචිකුඩි, හා කල්මුණේ යන අධිකරණ තහනම් නියෝග ලබාදී තිබුණි. එම නියෝග ද නොතකා බොහෝ පිරිසක් මේ සඳහා සහභාගි වී තිබිණි.
එමෙන්ම මඩකලපුව, වාලච්චේන, එරාවුර් අධිකරණවලින් දේශපාලකයන් ඇතුළු 54 දෙනකුට එරෙහිව ඊයේ (4 වැනිදා) අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇති බව මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් සඳහන් කළේය. එම නියෝගවලට පටහැනිව කටයුතු කළ දේශපාලකයන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
එමෙන්ම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ මෙම (7 වැනිදා) තෙක් දින හතරක කාලයක් කිසිදු විරෝධතාවක් පෙළපාළියක් කිරීම වළකාලමින් නියෝගයක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයද (3 වැනිදා) ලබා දී තිබුණි.
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති වී. මනිවන්නන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවණබවන්, උතුරු පළාත් හිටපු සභාපති සී.වී. සිවඥානම්, එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු දේශපාලකයන් හා ක්‍රියාකාරීන් 11 දෙනකු නමින් මෙම නියෝග නිකුත් කර තිබිණි.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය හා මුතූර් ප්‍රදේශවලද රැස්වීම්, විරෝධතා හා පෙළපාළි සිදුකිරීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර ඇතැයි එම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක පැවසීය.
දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් මෙම විරෝධතාවට සහාය දක්වා ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් දේශපාලන හා සිවිල් සංවිධාන ද මේ සඳහා සහාය පලකර තිබේ.
(අරුණ පුවත් ඇසුරිනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...