දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති නිදහස් දින පණිවුඩය මෙහි දැක්වෙයි.

නිදහස් දින පණිවුඩය

යටත් විජිත ජාතියක් ලෙස විදෙස් බලපෑම්වලට නතුවූ මාතෘ භූමියට නිදහස ලැබීමේ 73 වන සංවත්සරය අප අභිමානයෙන් සමරන්නෙමු.

ජාතියේ නිදහස උදෙසා සිය රුධිරය මෙන්ම දහදිය වැගිරූ සියලු විරුවන්ට සැමදා ප්‍රණාමය හිමිවන අතර දේශද්‍රෝහීන් ලෙස නම් වූ කැප්පෙටිපොළ දිසාවේ ප්‍රමුඛ විරුවන් දේශප්‍රේමීන් ලෙස ඔසවා තැබීමේ ජාතික වගකීම ඉටු කළ නායකයෙකු ලෙස මා සැමදා තෘප්තිමත්ය.

දේශයේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාව හා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අප කැපවිය යුතුය.

ආර්ථික මර්මස්ථාන හා භූගෝලීය වශයෙන් වැදගත් ස්ථාන ආක්‍රමණය කොට ආධිපත්‍ය පැතිරවීමට ගන්නා නව ගෝලීය යටත්විජිතවාදී ප්‍රවනතා අප හඳුනාගත යුතු අතර රට පෙරට ගෙන යාමේ නව ප්‍රවේශයන්හි දී ශක්තිමත්ව හා බුද්ධිමත්ව ක්‍රියා කිරීම අප සැමගේ වගකීමකි. ජාතික සම්පත් හා ශ්‍රී ලාංකේය උරුමය ආරක්ෂා කර ගනිමින් බියෙන්, සැකෙන් තොර සමාජ දේශපාලන වාතාවරණයක සියලුදෙනාට අභිමානවත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අපේක්ෂාව මල් ඵල ගැන්වෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් සුපෝෂණය වූ සමෘද්ධිය හා සෞභාග්‍යය සපිරි රටක් ප්‍රාර්ථනය කරමි.

2021 පෙබරවාරි මස 04වන දින
මෛත්‍රීපාල සිරිසේන
හය වන විධායක ජනාධිපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More