දේශීය පුවත්

මැතිවරණ කොමිසම පවසා සිටින්නේ පුත්තලම ප්‍රදේශයේ රැඳීසිටින මන්නාරම දිත්‍රික්කයේ අවතැන්වූවන් මෙම වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව යි.

පසුගිය වසර වලදී ඔවුන් මන්නාරම දිස්ත්‍රික්කයට අදාළව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබුනද එය නිවැරදි නොවන බව එම කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සාමූහික තීරණයක් මත මන්නාරම දිත්‍රිකයේ අවතැන්වූවන් පුත්තලම ඩිස්ත්‍රික්කයේම ලියා පදිංචි කිරීමට පියවර ගත් බවයි.

එහිදී මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ,“පදිංචියක් නැති තැනකට පනත යටතේ ලියාපදිංචිය දෙන්න හැකියාවක් නෑ. දැන් ඔවුන් අවතැන් කඳවුරුවල නෙමේ ඉන්නේ. ඔවුන් පදිංචිව ඉන්නේ වෙනත් නිවාසවල.” යනුවෙනි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ඔවුන් මන්නාරම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීමට ගන්නා උත්සාහය දේශපාලන අවශ්‍යතාවක් මත සිදුවන්නක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More