දේශීය පුවත්

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදී ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇතැයි “අද” පුවත්පත වාර්තා කරයි.

දුමිරිය එන්ජින් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින් ඇමරිකානු මුල්‍ය පැකේජය යටතේ වු අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා ඉන්දියානු ණය ආධාර යටතේ එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල සඳහා ශුද්ධ වර්තමාන අගයන් සැසඳීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදුකර තිබුණි.

ඒ අනුව, ශුද්ධ වර්තමාන අගයයන් හොඳින් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින් වලට වඩා ආර්ථික වශයෙන් වඩාලාභදායී බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් තිරණය කර තිබුණු නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට වි ඇති බව 2019 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

ඩොලර් ණය ගිවිසුම යටතේ 2017 වර්ෂයේ ජුනි 06 වැනිදින ඉන්දියානු Eක්සිම් බැංකුව විසින් දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු සදහා ඩොලර් මිලියන 136ක ණය ප්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්යය සඳහා පුමුඛත්වයක් ලබා නොදී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2018 වර්ෂයේ දත්ත අනුව සේවයේ යෙදවියය හැකි දුම්රිය එන්ජින් 111ක් ද ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදුනොකර පවතින කාලසටහන් අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගත්විට නව දුම්රිය එන්ජින් මිලදී ගැනීම තුලින් එන්ජින් ඇනිය පමණක් වැඩිකිරීමෙන් ධාවන කාර්යසාධනය වැඩිකිරීම දුෂ්කර වි තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවට රෝලින් තොග මිලදී ගැනීම සඳහා ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ ඩොලර් මිලියන 177ක ප්‍රතිපාදනයෙන් එස් 13 බලවේග කට්ටල 06ක් මිලදීගෙන තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදීගෙන තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More