ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉකුත් 02 වැනිදා රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ හමුවී කළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ගැනීමට ඉන්දීය රජයේ උනන්දුවක් නැති බව ඉන්දීය රජය නිල වශයෙන් ශ්‍රීලංකාවේ බලධාරීන් වෙත දැනුම් දුන් බව මාධ්‍යය වාර්තා පවසයි.
එහිදි ඉන්දියානු මහ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ,ඉන්දීය රජය සමග ගිවිසුම් අත්සන් කර තිබියදී විරෝධතා මුල්කරගෙන නැගෙනහිර පර්යන්තය ලබා නොදුන් අයුරින් උද්ඝෝෂණ ඇති වුවහොත් බටහිර පර්යන්තය ලබාදීමද නතර විය හැකි බවයි.
එමෙන්ම මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත්තේ ඉන්දීය රජය බටහිර පර්යන්තය ගැන උනන්දුවක් නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...