දේශීය පුවත්

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ පිහිටි මේ ගොඩනැඟිල්ලේ දෙවැනි මහලට අද දෙරණ උකුස්සා කණ්ඩායම ඇතුළුවන්නේ පූල් ක්‍රීඩාවේ නිරතවීමේ අරමුණින්ය.

කණ්ඩායම එහි යනවිටත් තරුණයින් පිරිසක් එම ක්‍රීඩාවේ නිරතවෙමින් සිට ඇති අතර ඔවුන් පැය කිහිපයක් එම ස්ථානයේ සිටින්නේ තෙවැනි මහලට ඇතුළුවීමේ අරමුණින්ය.

නමුත්, එම මහලට පිවිසීම සඳහා විශේෂ පුද්ගලයෙකුගේ අවසරය ලබාගත යුතු සේම රුපියල් දෙදහසක මුදලක්ද ලබාදිය යුතු වන අතර අද දෙරණ උකුස්සා කණ්ඩායම තෙවැනි මහළට ළඟා වන විට දැකගත හැකිවන්නේ එහි කැසිනෝ ක්‍රීඩාව ජයට සිදුකෙරෙන ආකාරයයි.

කැසිනෝ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු සේම ඒ සඳහා අධික බදු මුදලක් ද රජයට ගෙවිය යුතු වේ.

නමුත්, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ වසර 20ක් තිස්සේ මෙවැනි ස්ථානයක් පවත්වාගෙන ගියේ කෙසේ ද ?

මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් අවධානයෙන් සිටීම කාගේත් වගකීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More