කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර් යන්ත්‍රය නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ කර ගැනීමට නොහැකි වී ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්. මැදිවත්ත මහතා සඳහන් කර තිබේ.
පී.සී.ආර් පරීක්ෂණයන් සඳහා රසායනාගාර සේවකයින් රාජකාරිය සඳහා නිසි ලෙස නොයෙදවීම හා යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනිකයන් නියමිත පරිදි ලබා නොගැනීම වැනි හේතු මත පීසීආර් පරික්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ඔහු පෙන්වා දෙයි.
මෙම යන්ත්‍රය මගින් පීසීආර් පරීක්ෂණයන් 200ක් කර ගැනීමේ ධාරිතාව තිබෙන බැවින් මෙම කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට ඇති එකම පහසුකම නොමැති වීම බරපතළ තත්වයක් බවද පැවසේ.
ජාතික රෝහලේ රෝගීන්ගෙන් ලබාගන්නා නියධියන් පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්‌යේෂණායතනයට යැවීම හේතුවෙන් එහි ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගත වෙනු ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...