උඩරට නීතිය , තේසවලාමේ නීතිය, මුක්කුවා නීතිය වැනි ප්‍රාදේශීය නීති සියල්ල අහෝසි කර මුළු රටටම එක නීති පද්ධතියක් හඳුන්වා දීම වඩාත්ම සුදුසු බවත් එය කළ යුත්තේ සියලු ප්‍රජාවන්ගේ සහභාගිත්වයෙන් බවත් පවසන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කාති උසාවි ක්‍රමය පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගේ ද විරෝධයක් ඇති බව පවසයි.
සිරස ලක්ෂපති වැඩසටහන ජයගත් ශුක්‍රා මුනාවර් සංහිඳියාව සඳහා වන ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවගේ ප්‍රභල සංකේතයක් ලෙස ඉස්මතුවීම සුභවාදී සළකුණක් ලෙස දැකිය හැකි බවයි.
අපේ රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලැබුණු පමණින් ගැටලු විසඳිය නොහැකි බවත් ඒ සඳහා ස්ථානගතව, තාර්කිකව පැහැදිලිව සැලසුම් සහගතව වැඩ කළ යුතු බවත් පසුගිය කාලයේ තුනෙන් දෙකේ බලය ලැබුණු අවස්ථා පිළිබඳව සිය අවධානය යොමු කළ අලි සබ්රි, බොහෝ අවස්තාවලදී නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වූ බවත් පෙන්වා දෙයි.
තුනෙන් දෙක ලබාගත් හැම රජයක්ම වාගේ බැලු බැල්මට ඇනගත් බව පවසන ඔහු ඒ යථාර්තයට තම රජය ද මුහුණ දිය යුතු බව ඔහුගේ මතයයි.
මෙම බළය කළමනාකරණය කළ යුතු බවත්, අවසානයේ ජනතාවට මුහුණ දිය යුතු බවත් ඔහු තවදුරටත් පවසයි.
ජනාධිපතිවරයා වටා බලය කේන්ද්‍රීය වීම ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව මෙහිදී අවධාරණය කළ අධිකරණ අමාත්‍යවරයා, විධායක ජනාධිපති බලය යටතේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීමට විවිධ ආරක්ෂණ ක්‍රම ඇති බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ සමහර තීන්දු ප්‍රශ්න කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බවත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි බවත් අධිකරණ ඇමතිවරයා පවසයි.
එවැනි බලයක් නොමැතිව පාර්ලිමේන්තුව යොදා ගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක 1975 සිට 1977 බලය දීර්ඝ කිරීම මෙන්ම 1978 දී ජේ.ආර්, ජයවර්ධන අගමැතිවරයා ව්‍යවස්ථාව වෙනස් කරමින් විධායක ජනාධිපති වූ අවස්ථා ඔහු සිහිපත් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...