ගජ මිතුරන්ට හා ව්‍යාපාරිකයන්ට තොග පිටින් රක්ෂිත වනාන්තර වනසන්නට ඉඩදීමේ ප‍්‍රතිපත්තිය වහාම හකුලාගෙන රටේ වනාන්තර රැකගන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව පරිසර සංහාරයට එරෙහිව සංරක්ෂණ සංවිධාන නමින් කොළඹදී රැස්වුණු සංවිධාන 16 ක සංගම් නියෝජිතයෝ අවධාරණය කළහ.
ජනතාවගේ විසඳුම් නැති ප‍්‍රශ්න සොයා බලන්නට ජනාධිපතිවරයා ආරම්භ කළ ගම සමග පිළිසඳර ඉතා කදිම වැඩසටහනක් වුවත්, ඉඩම් ජාවාරම්කාරයන් විසින් මෙම වැඩසටහන තමන්ගේ ග‍්‍රහණයට නතු කරගෙන ඇති බව පෙනෙන්නට ඇති නිසා ගම පමණක් නොව රටම දුප්පත්වීමේ අනතුරක් පවතින බවත් සංගම් නියෝජිතයෝ මෙහිදී කියා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ලක් සොබා සංගමයේ සභාපති හා හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පැවසුවේ රජයක් පත් කරගන්නේ ප‍්‍රශ්නවලට නවීන විද්‍යානුකූල හා තාක්ෂණික උපායමාර්ග මගින් විසඳුම් ලබාදීමට වන නමුත්, වත්මන් රජය හරක් පට්ටි කරුවන්ට රක්ෂිත වනාන්තර තුළ තණ පිට්ටනි හැදීමට තරම් බොළඳ ක‍්‍රියාමාර්ග ගැනීම ලජ්ජාවට කරුණක් බවයි.
රජයට සල්ලි නැතැයි කීම මුසාවක් බවත්, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය නිවැරදිව භාවිත කළහොත් රටේ සම්පුර්ණ ණය ඒ මගින් ගෙවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ රක්ෂිත ලෙස නම් කර ඇති වන හා වනජීවී ප‍්‍රදේශ හෙළි පෙහෙළි කිරීමට ජනාධිපතිවරයා අණ දෙන්නේ නම් එය බළ අතික‍්‍රමණයක් බවයි.
රටේ සත්‍ය වනාන්තර පද්ධතිය සියයට 17 කට වැටී ඇති මොහොතක වනාන්තර වැඩි කිරීමට පියවර ගතයුතු මොහොතක මෙසේ ගජමිතුරන්ට හා ව්‍යාපාරිකයන්ට වනාන්තර හෙළි කිරීමට ඉඩදීම මින් පෙර කිසි කලෙකත් රටේ සිදුනොවූ මහා පරිසර සංහාරයක් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මෙහිදී පැවසීය.
මේ වනවිට මුතුරාජවෙල, පොල්ලේබැද්ද, දහයියාගල අක්කර සිය ගණනක වනාන්තර විනාශයක් සිදුව ඇති බවද, යක්කුරේ පමණක් නොව ලබන සතිය වනවිට මීමුරේ සිට ලග්ගල දක්වා ලෝක උරුම නකල්ස් වනාන්තර තුළින්ද මහා මාර්ග ඉදිවනු ඇතැයිද විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
(දිවයින පුවත් ඇසුරිනි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...