කොළඹ පෙරේදා (31දා) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලෙකම් ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ රජය මගින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථානවලට නිසි පහසුකම් නොදී ඒවා ‘අපායවල්’ වැනි තත්ත්වයකට පත් කර මිනිසුන් මුදල් ගෙවා නිරෝධායනය වන තත්ත්වයකට පෙළඹවීමේ මානසික මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇති බවයි.
මාධ්‍යය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා, දිනකට රුපියල් දාහත්දහස බැගින් ගෙවා රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන්ට හෝටල්වල නිරෝධායනය විය හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ලිපි නිකුත් කර ඇතැයි ද, ආණ්ඩුව මේ කරන්නේ තමන්ගේ ගජමිතුරු ධනපති හෝටල් හිමියන්ට ‘බිස්නස්’ එක හදා දීමක් යැයි ද චෝදනා කළේය.
මාධ්‍යයවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජයගොඩ මහතා ,”පෞද්ගලික රෝහල් නිරෝධායන වැඩවලට ගන්නවා නම් නොමිලේ සේවා සැපයිය යුතුයි. ඒ කටයුතුවල බලය රජය ගත යුතුයි. වසංගතයක් වෙලාවේ රෝගීන්ගෙන් මුදල් ගන්න බෑ. මෙසේ මුදල් අයකිරීම සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩයක් කර මිනිස්සුන් අසරණ කිරීමක්. නොමිලේ ලැබෙන එන්නත් ටික ඇරුණුකොට තවමත් මුදල් ගෙවා එන්නත් ඇණවුම් කර නෑ. මේ එන්නතේ පවා කොහේවත් සඳහන් කරලා නෑ ඉන් කොච්චර කාලයකට රැකවරණය ලැබෙනවද කියලා. කොවිඞ් මර්දන වැඩසටහන හුදු පුරසාරම්වලින් පිරුණු එකක් විතරක් වෙලා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...