දේශීය පුවත්

73 වන ජාතික නිදහස දිනය සම්බන්ධයෙන් අරුණ පුවත් පතට ලිපියක් සම්පාදනය කරන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි සාමිවරයා විසින් තම යටත්විජිතවල ජනයා දීර්ඝ කාලීනව යටත් වැසියන් ලෙස තබා ගැනීම සඳහා 1835 දී පමණ ඉතා සුවිශේෂී උපාය මාර්ගික ප්‍රවේශයක් තෝරාදෙනු ලැබූ බවයි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ වර්ණයෙන් සහ රුධිරයෙන් වෙනස් වුවත් සංස්කෘතියෙන්, මතවාදයෙන්, ආධ්‍යාත්මයෙන් සහ දැනුමෙන් ඉංග්‍රීසීන් ලෙස හැසිරෙන පන්තියක් තම යටත්විජිත රාජ්‍ය තුළ බිහිකර ගත යුතුය යන සිද්ධාන්තය මැකෝලි සාමි වරයා යටත් විසින් ඉදිරිපත් කළ බවයි.

එම සිද්ධාන්තයට අනුව ඉතාම අපූරුවට අධිරාජ්‍යයවාදීන්ගේ උවමනා අපේ රට තුළ ක්‍රියාත්මක කිරීමට “මැකෝලි සාමිවරයාගේ දරු මුණුපුරන් පරපුරක්” බිහිවී ඇති බව වසන්ත බංඩාර මහතා අවධාරණය කරයි. ලිපිය මගින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ සැබෑ ජාතික නිදහසක් දිනා ගැනීමට අවශ්‍යයනම් මැකෝලි සාමිවරයාගේ දරු මුණුපුරන් සමාජගත කළ වහල් භාවයෙන් මිදෙන මාර්ග සොයා ගත යුතු බවයි.

පුරවැසි කොලමේ පළවන සම්පූර්ණ ලිපිය…

වෛද්‍යය වසන්ත බංඩාර මහතා දෙරණ රූපවාහිනියේ අළුත් පාර්ලිමේන්තුවට පැමිණ දැක්වූ අදහස්..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More